රට පුරා තත්ත්වය සාමාන්‍ය අතට හැරී ඇතැයි වැඩබලන පොලිස්පති අගමැතිට දන්වූ ලිපිය මෙන්න

May 7, 2019

රට පුරා දෛනික ව්‍යාපාරික කටයුතු සහ මහජනතාවගේ දෛනික කටයුතු සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇතැයි වැඩ බලන පොලිස්පතිවරයා විසින් අගමැතිවරයා වෙත එවා ඇති වාර්තාවක දැක්වේ.

ගත වූ පැය 24ක කාලය තුළ දිවයිනේ පැවති ආරක්ෂක තත්ත්වය සම්බන්ධව අගහමැතිවරයා විසින් පොලිස්පතිවරයාගෙන් ගෙන්වා ගත් මෙම වාර්තාව අගමැතිවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. පොලිස්පතිවරයාගේ වාර්තාවේ මෙසේද දැක්වේ.

2019.05.06 වන දින පෙ.ව. 08.00 සිට 2019.05.07 වන දින පෙ.ව. 08.00 දක්වා ගත වූ කාලය තුළ දිවයින පුරා පැවති ආරක්ෂක තත්ත්වය පහත පරිදි ඔබතුමා වෙත වාර්තා කරමි.

මේ වන විට පාසල්වල අධ්‍යාපන කටයුතු ආරම්භ කර ඇති අතර ඊට බාධා ඇතිවන කිසිදු සිදුවීමක් වාර්තා වී නොමැත. සියලූම ආගමික සිද්ධස්ථානවල සුවිශේෂි ආගමික උත්සව නොපැවැත්වෙන නමුත් දෛනිකව සිදුවන ආගමික වතාවත් සාමාන්‍ය පරිදි සිදු වෙමින් පවතී.
මගී ප‍්‍රවාහන ඇතුලූ සියලූම ප‍්‍රවාහන කටයුතු සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇත. දෛනික ව්‍යාපාරික කටයුතු සහ මහජනතාවගේ දෛනික කටයුතු සාමාන්‍ය තත්ත්වයට පත්වී ඇත.
දිවයින පුරා වරින්වර පැනවූ පොලිස් ඇ`දිරි නීතිය මේ වන විට මුළුමනින්ම ඉවත්කර ඇත. විමර්ශන මගින් හා මහජනතාවගෙන් ලැබෙන තොරතුරු මත දිවයිනේ සියලූම පොලිස් වසම්වල අඛණ්ඩව පරීක්ෂා කිරීම සිදු කරමින් සිටී. යොදවා ඇති මාර්ග බාධක හා පවතින ආරක්ෂක තත්ත්වය තවදුරටත් පවත්වාගෙන යාමට කටයුතු කර ඇත.
2019.04.21 වන දින සිදු වු ත‍්‍රස්ත ප‍්‍රහාර මාලාවට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ත‍්‍රස්ත විමර්ශන යි වැඩ බලන පොලිස්පති සී.ඞී. වික‍්‍රමරත්න මහතා අගමැතිවරයා වෙත ලබාදුන් වාර්තාවේ දැක්වේ.

t

o

p