නව නීතිපති ලෙස දප්පුල ද ලීවේරා පත් කිරීමට ව්‍යවස්ථාදායක සභාව තීරණය කරයි

May 7, 2019

නව නීතිපතිවරයා ලෙස දප්පුලද ලිවේරා මහතා පත්කිරීමට ආණුඩුක‍්‍රම ව්‍යවස්ථා සභාව අද (07) තීරණය කළේය.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාව කතානායක කරු ජයසූරිය මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද පාර්ලිමේන්තු සංකිර්ණයේදී රැස්විණි.

අගවිනිසුරු නලින් පෙරේඑරා මහතා විශ‍්‍රාම යාමෙන් පසුව එතෙක් නිතිපතිව සිටි ජයන්ත ජයසූරිය මහතා අගවිනිසුරු ලෙස පත්කරනු ලැබීය. එමනිසා නිතිපති තනතුර පුරප්පාඩුව විය.

ඒ අවස්ථාවේදී වැඩ බලන නීතිපතිවරයා ලෙස දප්පුල ද ලිවේරා මහතා පත් කෙරිණි. වැඩ බලන නීතිපතිවරයා ලෙස කටයුතු දප්පුලද ලිවේරා මහතා නිතිපතිවරයා ලෙසට නිර්දේශ කරමින් ජනාධිපතිවරයා විසින් කළ නිර්දේශය ආණුඩුක‍්‍රම ව්‍යවස්ථා සභාව ඉයේ අනුමත කළේය.

t

o

p