ආරක්ෂක ලේකම්ට ඇතුළුව අලුතින් වාහන ගන්න කෝටි හත්සිය දොළහක් ඉල්ලා පරිපූරකයක්

May 7, 2019

අලූතින් වාහන ගැනීම, මහ කන්නයේ වී මිළදී ගැනීම ඇතුලු වියදම් ගණනාවක් වෙනුවෙන් රුපියල් කෝටි හත්සිය දොළහක අතිරේක මුදලක් ඉල්ලා අද (07) පාර්ලිමේන්තුවට පරිපූරක ඇස්තමේන්තුවක් ආණ්ඩු පක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක ඇමති ගයන්ත කරුණාතිලක මහතා විසින් ඉදිරිපත් කරන ලදි.

ආරක්‍ෂක ලේකම්වරයාට වාහනයක් මිළදී ගැනීමට සහ ආරක්‍ෂක ඇමතිවරයාට ආරක්‍ෂක රථයක් මිළට ගැනීම සදහා රුපියල් කෝටි දහ නවයක් ( කෝටි 19ක්), ආරක්‍ෂක අමාත්‍යාශයට බස් රථ 07ක්, ට‍්‍රක් රථ 06ක්, ගලි බවුසර් 02ක්, ජල බවුසර් 01ක් සහ ත‍්‍රීරෝද රථ 07ක් මිළදී ගැනීම සදහා රුපියල් දස කෝටි දස ලක්‍ෂයක් මෙම පරිපූරක ඇස්තමේන්තුව මගින් ඉල්ලා ඇත.

බාල වයස්කාර වරදකරුවන් සහ වින්දිතයින් ප‍්‍රවාහනය කිරීම සදහා ටොයෝටා හයිඑස් වෑන් රථ 05 ක් මිළට ගැනීම සදහාද මෙම පරිපූරක ඇස්තමේන්තුව මගින් රුපියල් හාර කෝටි හැත්තෑ ලක්‍ෂයක මුදලක් ඉල්ලා තිබේ.

ඊට අමතරව මහ කන්නයේ වී මිළදී ගැනීම සදහා රුපියල් කෝටි දෙසිය අසූ අටක් (කෝටි 288ක්), සේනා දළඹුවාගෙන් වූ හානිවලට වන්දි ගෙවීම සදහා රුපියල් කෝටි විසි හතරක් ( කෝටි 24ක්), ගෝල්ඩන් කී තැන්පත්කරුවන්ට වන්දි ගෙවිම වෙනුවෙන් රුපියල් කෝටි පනහක් (කෝටි 50ක්) ලබා දෙන ලෙස පරිපූරක ඇස්තමේන්තුවෙන් ඉල්ලා ඇත.

මෙරට සාමය ගොඩනැගීම වෙනුවෙන් ශී‍්‍ර ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට වැයවු රුපියල් දොළොස් ලක්‍ෂ අනූ දහසක්ද,ඒ වෙනුවෙන් ජාතික පොලිස් කොමිෂන් සභාවට වැයවු රුපියල් දහ නව ලක්‍ෂ දස දහසක මුදලක්ද ඉල්ලා ඇත.

t

o

p