එක්සත් ජාතික පක්ෂයට එරෙහිව ශ්‍රීලනිපය හා පොහොට්ටුව කටයුතු කරනවා – සභානායක

May 7, 2019

එක්සත් ජාතික පක්ෂයට එරෙහිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොහොට්ටුව කටයුතු කරන බව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදි අද (07) ප්‍රකාශ කළේය.

රටේ ආරක්ෂක තත්ත්වය පිළිබද විවාදයට එක් වෙමින් සභානායකවරයා වැඩිදුරටත් මෙසේද කීය.
මාගේ මාධ්‍ය ඒකකය විසින් මහනුවර දිස්ත‍්‍රික්කයේ ගෞරවනීය ස්වාමීන්වහන්සේලා දැනුවත්කිරීම උදෙසා කලම්බු ටෙලිග‍්‍රාෆ්ට් නමින් හැඳින්වෙන පිළිගත් වෙබ්අඩවියේ 2019.04.28 දින පල කරන ලද ලිපියකින්උපුටා ගත් කොටස් කිහිපයක පරිවර්ථනය ඇතුළත් ලිපියක්යැවීමට කටයුතු කර ඇතිබව මා වෙත දැන ගන්නට ලැබුණි. නමුත් මා නිවසේ රැදී සිටි හෙයින් එම ලිපිය කියවා බැලීමට මා හට අවස්ථාවක් නොලැබුණි.

නමුත් පසුව මේ සම්බන්ධයෙන් මා වෙත තොරතුරු ලැබූ පසු ඒ පිළිබඳ මා සොයා බැලූ අතර, එම ලිපියෙහි ජාතිවාදය ඇති කරන අන්දමේ කිසිදු කරුණක් හෝ කිසිවෙකුට කිසිදු මඩ ප‍්‍රහාරයක් එල්ල කිරීමක් හෝ රාජ්‍්‍ය  විරෝධී කිසිවක් හෝ එහි අඩංගු නොවන බව මා හට හැගුනි.
එම ලිපියෙහි අන්තර්ගත වූයේ පසුගිය අපේ‍්‍රල් 21 දින රටේ ඇතිවූ බිහිසුනු තත්වය සම්බන්ධයෙන් වගකිවයුතු පුද්ගලයින් එය වළක්වා ගැනීම සඳහා තම කාර්යය නිවැරදිව කළේද යන්න පිළිබඳවය. මාධ්‍යවේදීන්හට රට තුළ ඇතිවන ඕනෑම සිදුවීමක් සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කිරීමේ අයිතිය ඔවුන් සතුව ඇතැයි මාගේ විශ්වාසය හෙයින් මාගේ මාධ්‍ය ඒකකයේ නිලධාරින්ටද එම අයිතිය තිබෙන බව මාගේ විශ්වාසයයි.

එමෙන්ම  පන්සලකට යැවූ ලිපි සම්බන්ධයෙන් ලොකු උනන්දුවක් දක්වනවා. අපේ‍්‍රල් 04 ලැබුණු තොරතුරු පසු පස පොලිසිය මෙලෙස හඹා ගියා නම් ජිවිත 300ක් බේරගන්න තිබුණා.

මෙම ලිපිය සම්බන්ධයෙන්ය පොලිසිය හා අදාල නිලධාරින් දක්වන උනන්දුව අපේ‍්‍රල් 21 දින සිදුකළ බිහිසුණු තත්වය පිළිබදව බුද්ධි අංශ කලින් වාර්තා කර තිබුණද, මෙම කරුණ සම්බන්ධයෙන් කාර්යක්ෂමව ක‍්‍රියා මාර්ග ගත්තේ නම් මෙවන් විශාල ජීවිත හානියක් හා දේපල හානියක්ස සිදු නොවන බව පැහැදිලිව ප‍්‍රකාශ කළ හැකිය. මාගේ මාධ්‍යවේදීන් සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව හා පොලිසිය මගින් අදාල කටයුතු කරන බැවින් එයින් ලැබෙන සාධාරණ තීරණ මා පිළිගැනීමටසූදානම් බව පවසමි.

එමෙන්ම වැදගත් කාරණාවනම් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පියල් නිශාන්ත මන්ත‍්‍රීතුමා රුපවාහිනි වැඩසටහනකදී ප‍්‍රකාශ කරනවා හමුදාවේ 11 දෙනෙකු මිය ගොස් ඇතිබවට. එතකොට මේපිළිබදව පොලිසියට ගියාම පොලිස්ඇප දීලා. පොලිස් ඇප දුන්නේ කොහොමද ? ඒ ප‍්‍රකාශය ජාතිවාදි නෙමේද?
එමෙන්ම ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පියල් නිශාන්ත මන්ත‍්‍රීතුමා 2019 අපේ‍්‍රල් 26 දින ස්වර්ණවාහිනියේ රතු ඉර වැඩසටහනේදී හමුදාවේ 11 දෙනෙකු මිය ගොස් ඇති බවට අසත්‍්‍ය හා ප‍්‍රකෝපකාරි සිතුවිලි ඇතිවන අන්දමේ ප‍්‍රකාශයක් කළද, අත්අඩංගුවට ගැනීමක් සිදුවුනේ නැහැ.

පන්සල්වලට යැවූ ලිපියක් නිසා මාගේ මාධ්‍්‍ය ඒකකයේ නිලධාරින්ව තබා ගෙන සිටිනවා. පොහොට්ටුවේ මන්තී‍්‍රවරයෙක් ප්‍රකාශ කරනවා හමුදාවේ 11ක් මැරුණා කියලා ජාතිවාදය අවුස්සන්න. එතුමා කොහොමද පාර්ලිමේන්තුවට එන්නේ ? හදිසි නීතිය කියන්නේ මොකක්ද ? අපි එක්සත් ජාතික පක්ෂ යේ. අපිට විරුද්ධව පොහොට්ටුවයි නිදහස්පක්ෂයයි එකට වැඩකරනවා. අපි ඒකට බය නැහැ. ඒකයි එදා අපිව අස්කරලා මේ අය පත්කළේ.
මම අහන්නේ පන්සල්යවපු ලියුමක් බදාගෙන ඉන්නවා නමුත් අපේ‍්‍රල් 04 තොරතුරු පසුපස ගියා නම් ජිවිත බේරගන්න තිබුණා. එත කොට හමුදාවේ 11ක් මැරුණා කියපු මෙතුමා කොහොමද එළියේ ඉන්නේ ? අපි පොලිසිය මෙහෙයවන්නේ නැහැ. අගමැතිතුමාට පොලිසිය අයත් නැහැ. එක්සත් ජාතික පක්ෂයේ අයට හිරිහැර කරන්න කවුද පොලිසිය මෙහෙය වන්නේ ?

පා.ම. පියල්නිශාන්ත –
කථානායකතුමනි මම ඒ ප‍්‍රකාශය සම්බන්ධව නිවැරදි කිරිමක් සිදුකළා. මම ඒ පිළිබදව කණගාටුව ප‍්‍රකාශ කළා.

සභානායකතුමා –
මේ ලිපිය නීතිපතිතුමාට ඉදිරිපත්කරලා තිබෙනවා එතුමා තීරණයක්දෙයි මේ සම්බන්ධව.

පා.ම. මනූෂනානායක්කාර –

කිරිඇල්ල ඇමතිතුමා පන්සල්වලට ලියුමක් යැවූවාය මේකෙ ජනාධිපතිතුමාට මඩ ගසා තිබුණායයැයි නොයක් කථා කියනවා. අපි කියන්නේ කරුණාකරළා ඒ ලිපිය සභාගත කරන්න. එතකොටදැනන්න පුඑවන් ලිපියේ මොනවාද තිබුණේ තියලා.ඇත්ත මොකක්ද කියලා දැනගන්න පුඑවන්.

t

o

p