අයි.එස්.අයි.එස් ලාගේ මාරයා අබු අස්රිල්

May 6, 2019

මේ ඉන්නේ අබු අස්රීල්. මුස්ලිම්. පෙනුමෙන්නම් අයි.එස් වගේ නේද?

හැබැයි ත්‍රස්තවාදියෙක් නෙවෙයි. අබු අස්රීල් කියන්නේ අයි.එස්ලගේ භයානකම හීනයක්. පැහැදිලිව කිව්වොත් අබු අස්රීල් කියන්නේ අයි.එස් විරෝධියෙක්. ඔහු තනිවම ඔවුන්ගෙ මූලස්ථානවලට කඩා වැදිලා ඝාතනයන් සිදු කරනවා. ඔහු ඝාතනය කර ඇති අයි.එස් ත්‍රස්තවාදීන් ගණන 1500කට අධිකයි කියලා තමයි වාර්තා වෙන්නේ.

ඔහු ගමන් කරන විට නිතරම ඔහු ළඟ පොරවක්, පිහියක් සහ ෂොට් ගන් එකක් රැඳිලා තියෙනවා.

මොහු ඉරාක් ජාතිකයෙක්. අබුව ඉරාක වැසියො දේවත්වයෙන් අදහනවා කියලත් සඳහන්. ඒ ඔවුන්ට ඔවුන්ගේම ජාතිකයන් විසින් සිදුවන අකටයුතුකම් වෙනුවෙන් පෙනී ඉන්නෙ අබු අස්රීල් නිසා. අබුව එරට වැසියන් හඳුන්වන්නේ “Angel of death (මරණයේ දේවතාව)” කියලලු. ඇතැමුන් “ඉරාක් රැම්බෝ” කියලත් හඳුන්වනවා. මොහු විශ්‍රාම ගිය හමුදා සෙබළෙක්.

මොහු අයි.එස් ත්‍රස්තවාදීන්ගේ සතුරෙක් වුණාට ඉරාකයේ සාමාන්‍ය වැසියන්ගේ සහ ඇතැම් නායකයන්ගේ හිත දිනාගත්තෙක්.

අබු බකර් මිනිස්සුන්ට දේව ශාපයක් වෙනකොට අබු අස්රීල් ඒ මිනිස්සුන්ටම දෙවියෙක් වෙලා.

අබු අස්රීල්, අයිඑස්එල්ට එරෙහිව සටන් වදිමින් සිටින අතර අනෙක් සටන්කාමී කණ්ඩායම් සමඟද සටන් කර තිබෙනවා.

මැද පෙරදිග ඔහු කෙරෙහි අවධානය යොමු කර ඇතත් 2015 වසන්තය වන විට ඔහු එංගලන්තය, ප්‍රංශය සහ එක්සත් ජනපදය තුළ ජාත්‍යන්තර ප්‍රවෘත්ති වෙබ් අඩවිවල ඉදිරිපස පිටුවේ ප්‍රදර්ශනය වීමට පවා පටන් ගන්නවා.

ශ්‍රේෂ්ඨ ආගමික අධිකාරියේ නියෝජිතයා වන සෙයිඩ් අහමඩ් අල්-සෆී විසින් ඔහුට ගෞරව නාමයක් ද ලබා දී තිබෙනවා.

අයිඑස්අයඑස් තාඩන පීඩන මැද අසරණ වුණු ජීවිතවලට එළියක් ගෙනෙන මේ ශ්‍රේෂ්ඨ අබුගේ විශේෂත්වය තමයි
එයා තයිකොණ්ඩෝ චැම්පියන් කෙනෙක් වගේම හිටපු විශ්ව විද්‍යාල කථිකාචාර්යවරයෙකුත් වෙන එක

Abu asril

අන්තර්ජාලයෙනි

t

o

p