හදුනා නොගත් මළ සිරුරු හදුනාගන්න එන්නැයි කොළඹ අධිකරණ වෛද්‍ය කාර්යාලය පවසයි

April 23, 2019

කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයක පසුගිය 21 වැනිදා සිදු වු පිපිරිම් හේතුවෙන් මිය ගිය පුද්ගලයින්ගේ මෘත ශරීර විශාල සංඛ්‍යාවක් කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලය තුළ පවතින බැවින් එම කාර්යාලය වෙත පැමිණ මෘත ශරීර හඳුනා ගත හැකි බව කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය අජිත් තෙන්නකෝන් සඳහන් කරයි.

කොළඹ 10, ප්‍රැන්සිස් පාරේ, අංක 111 දරන ස්ථානයේ පිහිටි, අධිකරණ වෛද්‍ය හා විෂ වෛද්‍ය ඒකකය වෙත පැමිණ අදාළ මෘත ශරීර හදුනා ගත හැකි බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.

මේ වන විටත් අනන්‍යතාවය හදුනා නොගත් දේශීය හා විදේශීය පුද්ගලයින්ගේ මළ සිරුරු විශාල සංඛ්‍යාවවක් පවතින බැවින් මිය ගිය පුද්ගලයින්ගේ ඥාතීන්ට පැමිණ අදාළ පුද්ගලයින්ගේ මෘත ශරීර හදුනා ගැනීමට හැකි බවත් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය සඳහන් කළේය.

t

o

p