දෙවන පාසැල් වාාරය ආරම්භ කිරිම ලබන 29 දා දක්වා කල් දමයි

April 23, 2019

දෙවන වාරය සඳහා පාසල් ආරම්භ කිරීම ලබන 29දා දක්වා කල් දැමු බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කළේය.
මීට අතරව , සියලුම පෞද්ගලික කතෝලික පාසල් අප්‍රේල් (29) දක්වා තාවකාලිකව වසා දමාන බව ඊයේ (22) නිවේදනය කළේය.

සියලුම පෞද්ගලික කතෝලික පාසල්වල සමාන්‍ය අධිකාරි අයිවන් පෙරේරා පියතුමා විසින් නිවේදනයක් නිකුත් කරමින් මෙ බව දන්වීය.

රට තුළ පවතින අයහපත් තත්ත්වය හේතුවෙන් මෙලෙස පාසල් වසා දැමීට තීරණය කර ඇත.

පෙරේදා (21) දිවයින පුරා සිදු වු පිපිරීම් හේතුවෙන් සියලුම පාසල් ඊයේ (22) සහ අද (23) වසා දැමිට කටයුතු කළේය.

මීට අමතරව සියලුම විශ්ව විද්‍යාලවල අධ්‍යන කටයුතුද තාවකාලිකව නවතා දැමීය.

තවද මෙම දිනයන්හි පැවැත්වීමට නියමිතව තිබු රජයේ විභාග කටයුතුද නවතා දමා ඇති බව නිවේදනය කළේය.

පෙරේදා දිනයේ සිදු වු පිපිරීම්වලින් මේ වන විට පුද්ගලයන් 310ක් මිය ගොස් ඇති අතර 500ක් පමන තුවාල ලබා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ කළේය.

t

o

p