සජිත් රවි ගැටුම නැවැත්වීමට අගමැති මැදිහත් වේ. ලබන සතියේ විසදුමක්

April 18, 2019

එක්සත් ජාතික පක්ෂයේ නියෝජය නායක සහ නිවාස ඉදිකිරිම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා සහ පක්ෂ උපනායක විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක යන  මහත්වරුන් ප‍්‍රසිද්ධියේ එකිනෙකාට එරෙහිව  ප‍්‍රකාශ කිරීම සම්බන්ධයෙන් මැදිහත්ව  කඩිනම් පියවරක් ගන්නා ලෙසට ආණ්්ඩු පක්ෂ පසුපෙළ මන්ත‍්‍රවරුන් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගෙන් අද 18 ඉල්ලීමක් කළේය.
ආණ්ඩු පක්ෂ  පසුපෙළ මන්ත‍්‍රීවරුන් අග‍්‍රාමාත්‍යවරයාගෙන්  මෙම ඉල්ලීම සිදුකරනු ලැබුවේ  කොළඹ අරලියගහ මන්දිරයේදී අද උදෑසන අග‍්‍රාමාත්‍යවරයා හමුවූ අවස්ථාවේදීය.
එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායකවරයාත් උපනායකවරයාත්  එකිනෙකාට  ප‍්‍රසිද්ධියේ  දෝෂාරෝපනය කිරීම පක්ෂයේ  සමගියට කරන අතිශය නරක පූර්වාදර්ෂයක්යැයි අග‍්‍රාමාත්‍යවරයා හමුවේ කරුනු දැක්වූ ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත‍්‍රීවරුන් පෙන්වා දුන්නේය.
එක්සත් ජාතික පක්ෂයේ නියෝජය නායක සජිත් පේ‍්‍රමදාස සහ පක්ෂ උපනායක රවී කරුණානායක යන  මහත්වරුන්ගෙන් ගත හැකි සේවය පක්ෂයට  උපරිමයෙන් ගතයුතු බව අග‍්‍රාමාත්‍යවරයා හමුවේ පෙන්වාදුන්  ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත‍්‍රීවරුන් ඒ ස`දහා වහාම මැදිහත්ව සුදුසු ක‍්‍රියාමාර්ගයක් ගන්නැයි  වැඩිදුරටත් ඉල්ලූහ.
ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත‍්‍රීවරුන්ගේ  ඉල්ලීමට සාවදානව කන්දුන් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ලබන සතියේදි තමන්  මෙම ප‍්‍රශ්ණය විස`දීමට ක‍්‍රියා කරන බව  ප‍්‍රකාශ කර සිටියේය.

t

o

p