රටතුළ සිදුවූ පිපිරීම් මාලාවෙන් 290 ක් මරුට 500 කට තුවාල

April 22, 2019

පිපිරීම් හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 290ක් දක්වා ඉහළ ගොස් ඇති අතර තුවලකරුවන් 500ක් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.

මේ සම්බන්ධයෙන් සැකකරුවන් 24දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇත.

දිවයින් පුරා ඊයේ (21) දිනයේ පිපිරීම් 8ක් සිදු විය.

එමේන්ම ඊයේ රාත්‍රීයේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ආසන්නයේ ආඩිඅම්බලම මාර්ගයේ තිබී පුපුරණ උපකරණයක් හමු වු අතර ගුවන් හමුදා භට පිරිසක් විසින් එය නිෂ්ක්‍රිය කර කළේය.

දිවයිනේ ස්ථාන හයක ඊයේ උදෑසන 8.45 ත් 9.00 ත් අතර පිපිරීම් මාලාවක් සිදුවූයේ ශ්‍රිලංකාව මෙන්ම සමස්ත ලෝකයම කම්පනයට ලක්කරමිනි.

කොටහේන කොච්චිකඩේ ශාන්ත අන්තෝනි කතෝලික දේවස්ථානයේ , කටාන කටුවාපිටියේ සහ මඩකලපුවේ කිතුණු දේවස්ථාන දෙකක මෙන්ම කොළඹ ෂැංග්‍රිලා , කිංග්ස්බරි, සිනමන් ග්‍රෑන්ඩ් යන සුපිරි හෝටල පරිශ්‍රවල හා දෙහිවල නවාතැන් පොලක මෙම පිපිරීම් මාලාව ඇතිවිය.

ක්‍රිස්තූස් වහන්සේගේ මරණයෙන් උත්ථානවීම සිහිපත් කෙරෙන පාස්කු දින දේව මෙහෙයන් පැවත්වෙමින් තිබූ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි කතෝලික දේවස්ථානයෙන් පළමු පිපිරීම වාර්තාවිය.

ප්‍රහාරයේ ඉලක්කය වී තිබුණේ දේව මෙහෙයට පැමිණ සිටි බැතිමතුන්ය.

මේ අතර ඊට සුළු වේලාවකට පසු කටාන කටුවාපිටියේ කතෝලික දේවස්ථානයේ පාස්කු දේව මෙහෙය ඉලක්ක කරගනිමින්ද  පිපිරීමක් සිදුවිය.

කෙච්චිකඩේ දේවස්ථානයේ සහ කටුවාපිටිය දේවස්ථානයේ පිපිරුම්වලින් තුවාල ලැබූවන් වහාම කොළඹ ජාතික රෝහලට සහ මීගමුව මහ රෝහලට ඇතුළත් කිරීමට ආරක්ෂක අංශ සහ ජනතාව එක්ව කටයුතු කළේය.

මේ අතරතුර මඩකලපුව නගර මධ්‍යයේ පිහිටා ඇති සියෝන් කතෝලික දේවස්ථානයේද  උදෑසන 8.50ට පමණ තවත් පිපිරීමක් සිදු වූ අතර එහි ඉලක්කය වී තිබුණේත් ද පාස්කු දේව පුජාවට පැමිණ සිටි බැතිමතුන්ය.

මෙම ප්‍රහාරයෙන් තුවාල ලැබූවන් මඩකලපුව රෝහලට ඇතුලත් කළ අතර අසාධ්‍ය තත්ත්වයේ සිටි පිරිස් වහාම පොලොන්නරුව රෝහලට මාරුකර යැවුණි.

කිතුණු දේවස්ථාන තුනක මෙලෙස පිපිරීම් සිදුවෙන අතරතුර කොළඹ ප්‍රධාන පෙළේ හෝටල් තුනක් ආශ්‍රිතවත් පිපිරීම් තුනක් සිදුවිය.

ඒ කොළඹ ෂැංග්‍රිලා ,කිංග්ස්බරී සහ සිනමන් ග්‍රෑන්ඩ් යන හෝටල් පරිශ්‍රවලයි.

දේශිය හා විදේශිය සංචාරකයින්ගේ ප්‍රධාන නවාතැන් පොලක් වන ෂැංග්‍රිලා හෝටලයේ පිපිරිම සිදුව තිබුනේ උදෑසන 8.45ත් 9.15ත් අතර කාලයේදියි.

පිපිරීම සිදුවීමට සුළු වේලාවකට පෙර එම හෝටලයේ උදෑසන ආහාර ගනිමින් සිටි ප්‍රවීණ සූපවේදීනි ශාන්තා මායාදුන්නේ මහත්මිය සහ ඇයගේ දියණිය මෙම පීපිරිමෙන් ජිවිතක්ෂයට පත්විය.

පිපිරිම සිදුවීමට පෙර ශාන්තා මායාදුන්නේ මහත්මියගේ දියණිය ඇයගේ ෆේස්බුක් ගිණුමට එක් කළ අවසන් ඡායාරූපය ෆේස්බුක් හරහා මුදා හැර තිබේ.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා දහවල් හෝටලය වෙත පැමිණ මහේස්ත්‍රාත් පරික්ෂණය සිදුකරනු ලැබීය.

මේ අතර කොළඹ කිංග්ස්බරී හෝටල් පරිශ්‍රයේත් උදෑසන පිපිරිමක් සිදුව තිබුණි.

සිද්ධිය ඇසින් දුටුවන් සඳහන් කලේ එම හෝටලයේ අමුත්තන්ට ආහාර සැපයෙන ස්ථානයේ අදාල පිපිරිම සිදුව ඇති බවයි.

අනෙක් පිපිරීම සිදුව තිබුණේ කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටල් පරිශ්‍රයේය.

මෙම පිපිරීමට සම්බන්ධ සැකකරු රතු පැහැති වැගන් ආර් මෝටර් රථයකින් පැමිණ ඇතැයි හෙළි වී තිබෙන බව පොලිසීය සඳහන් කළේය.

පිපිරිම් සිදුවන අවස්ථාවේදී මෙම හෝටල් පරිශ්‍ර තුළ විදේශිකයින් රැසක් සිට ඇති අතර තුවාල ලැබූ විදේශිකයන් වහාම කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගැනුණි.

ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයේ සභාපති කිෂූ ගෝමස් මහතා සඳහන් කළේ මෙම පිපිරීම් වලින් විදේශිකයන් 32 දෙනකු ජිවිතක්ෂයට පත්ව ඇති බවයි.

ඒ අතර බෙල්ජියම් ජාතිකයන්, චීන ජාතිකයන්, අමෙරිකානු ජාතිකයන් හා බ්‍රිතාන්‍ය ජාතකයින් වන බව සභාපතිවරයා කියා සිටියේය.

මේ අතර නැවතත් රටතුළ තිගැස්මක් ඇති කරමින් පස්වරුවේ තවත් පිපිරීම් මාලාවක් සිදුවිය.

එහි  පළමුවැන්න වාර්තාවූයේ දෙහිවල සත්වෝද්‍යානය ඉදිරිපිට ලැගුම්හලකිනි.

ඒ දහවල් දෙකට පමණය. එම පිපිරීමෙන් දෙදෙනකු ජීවිතක්ෂයට පත්විය.

එම අවස්ථාවේ එහි සිටි පුද්ගලයකු මාධ්‍යයට මෙලෙස අදහස් පළ කළේය.

කෙසේ වෙතත් එම පුද්ගලයාව පසුව පොලිස් භාරයට ගැනුණු අතර රැස්ව සිටි ජනතාව ඔහුට පහරදීමට උත්සාහ කරන අයුරුද දක්නට ලැබුණි.

මේ අතර මෙම සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයින් දෙදෙනෙකුගේ මෘත ශරීර කළුබෝවිල රෝහල වෙත රැගෙන ආවා.

මේ අතර වාරයේ සවස 2.30 ට පමණ දෙමටගොඩ මහවිල උද්‍යානයේ පිහිටි නිවසක් අසලද සවස පිපිරීමක් සිදුවිය.

ඒ පොලිස් විශේෂ බලකායට ලද තොරතුරකට අනුව එහි හදිසි වැටලීමක් සිදුකිරීමට සූදානම් වූ අවස්ථාවේදීයි.

මෙම ස්ථානයේ සිදු වූ මෙහෙයුම් අතරතුර වූ පිපිරීම් හේතුවෙන් පොලිස් නිලධාරීන් තිදෙනකු ජීවිතක්ෂයට පත්විය.

මේ අතර දෙමටගොට සිද්ධිය වූ තැන නවතා තිබූ සුඛෝපභෝගී මෝටර් රථයක් තුළ ඉදිරිපස ආසනයෙහි සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ සන්නාමය සහිත වතුර බෝතලයක්ද තිබෙනු දක්නට ලැබුණි.

t

o

p