ජනපති නීතිඥවරුන් සැරෙන් සැරේ පත් කිරිම ගැන නීතිඥයින්ගේ විරෝධය

April 18, 2019

දිගින් දිගටම  ජනාධිපති නීතීඥවරුන්  පත්කිරිම පිලිබදව එක්සත් ජාතික පක්ෂයේ නීතීඥවරුන් දැඩි කනස්සල්ල පළකර සිටිති.
ජනාධිපති නීතීඥවරුන්  පත්කිරිම සම්ප‍්‍රදායක් ලෙස වසරකට එක් වරක් පමනක් සිදුවුවද  මේ වසර තුළදී පමනක් දෙවරක්ම ජනාධිපති නීතීඥවරුන්  පතිකිරිම සිදුව ඇතැයි  එක්සත් ජාතික පක්ෂ නීතීඥවරුන්  ජාතික නීතීඥ සංගමයට කරුණු දක්වා තිබේ.
මේ වසර ආරම්භයේදී ජනාධිපති නීතීඥවරුන්  25 දෙනෙකු පත්කිරීමට පියවර ගත් අතර මේ සතියේදි තවත් ජනාධිපති නීතීඥවරුන්   21 දෙනෙකු පත්කරුනු ලැබූහ.
මේ ආකාරයට ජනාධිපති නීතීඥවරුන්  පතිකිරීම හේතුවෙන්  සමස්ත නීති ක්ෂේත‍්‍රයම ප‍්‍රබල කැලඹිමකට  ලක්ව ඇතැයිද එක්සත් ජාතික පක්ෂ  නීතීඥවරුන් ජාතික නීතීඥ සංගමයට  වැඩිදුරටත් කරුණු දක්වා තිබේ.

t

o

p