හක් බෙල්ලන් 376 ක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා අත්අඩංගුවට

April 18, 2019

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් සහ මන්නාරම, දුෂණ මර්ධන කොට්ඨාශයේ නිලධාරීන් පිරිසක් එක්ව ඊයේ (අප්‍රේල් 17) නීති විරෝධී ලෙස හක් බෙල්ලන් ඇල්ලූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

 

ඒ අනුව වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් සහ මන්නාරම, දුෂණ මර්ධන කොට්ඨාශයට අනුයුක්ත නිලධාරින් එක්ව සිලාවතුර ප්‍රදේශයේ සිදු කල වැටලිමකදී විෂ්කම්භය මිලිමිටර් 50 ට අඩුහක්බෙල්ලන් 376 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, අත්අඩංගුවට ගත් පුද්ගලයා වයස අවුරුදු 72 ක් වන සිලාවතුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව හඳුනාගෙන ඇත.

 

අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයා සහ හක් බෙල්ලන් තොගය ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා සිලාවතුර, පොලිසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.

Hak bello

t

o

p