දෙමටගොඩ සුද්දාගේ ගෝලයෙකු කෝටි 8 ක කුඩු සමග අල්ලයි

April 18, 2019

ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන දෙමටගොඩ සුද්දාගේ ගෝලයෙකු රුපියල් කෝටි 6 ක පමණ මත්කුඩු සමග කිරිබත්ගොඩදි අද (18) දහවල් පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ කැළණිය,කිරිබත්ගොඩ,රෝහල පාර පදිංචි සමරවිර ආරච්චිගේ ජිවන් පෙරේරා නොහොත් ජිවන් මල්ලි නැමැති විසි අට හැවිරිදි තරුණයෙකි.

මොහු හෙරොයින් කිලෝ 05ක් රැගෙන යතුරුපැදියකින් යමින් සිටියදි කිරිබත්ගොඩ වයි හන්දියේදි පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම හෙරොයින් දැනට බන්ධනාගාර ගතව සිටින දෙමටගොඩ සුද්දාගේ බවත් ඔහු විසින් මෙම ජාවාරම මෙහෙයවා ඇති බවත් හෙලිව තිබේ.

සැකකරු වැඩිදුර විමර්ශන ස’දහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත ලබා දි තිබේ.

t

o

p