මධුෂ් සමග ඇල්ලු පුද්ගලයින් දෙකක් ලංකාවට එවයි

April 18, 2019

මාකඳුරේ මධූෂ් සමඟ ඩුබායි හිදි අත්අඩංගුවට ගෙන පිටුවහල් කළ තවත් පුද්ගලයින් දෙදෙනෙකු අද (18) අලුයම දිවයිනට පැමිණි තිබේ.

UL – 226 ගුවන් යානයෙන් දිවයිනට පැමිණ ඇත්තේ පියල් පුෂ්පකුමාර හා මොහොමඩ් අෆ්රිඩී මොහොමඩ් ඉන්හාම් නැමති දෙදෙනෙකි.

ඔවුන් දෙදෙනා මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන ප්‍රශ්නකරමින් සිටියි.මේ අතර ඩුබායි සිට පිටුවහල් කිරීමෙන් අනතුරුව ශ්‍රි ලංකාවට ඊයේ  (17) පැමිණි පුද්ගලයින් 06 දෙනාගෙන් පස් දෙනෙකුගෙන් තවදුරටත් ප්‍රශ්න කිරීම් කෙරෙමින් පවතියි.

මාකදුරේ මඳුෂ් සමඟ ඩුබායි හිදී අත්අඩංගුවට ගත් පුද්ගලයින් 06 දෙනෙකු ඊයේද එරටින් පිටුවහල් කීරීමෙන් අනතුරුව ඊයේ අළුයම දිවයිනට පැමිණියහ.

දිවයිනට පැමිණි ඔවුන්ව කටුනායක ගුවන් තොටුපළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයට ගත් අතර එම පිරිස අතර මදුෂ්ගේ බාප්පා කෙනකු සහ ඥාති සහෝදරයෙකු සිටින බව රුවන් ගුණසේකර මහතා සදහන් කළේය.

එලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයට ගත් පුද්ගලයින් 06 දෙනා අතරින් ගයාන් බුද්ධිම පෙරේරා වැඩිදුර පරික්ෂණ සදහා ඊයේ රාත්‍රි කොලඹ අපරාධ කොට්ඨාසයට භාර දී තිබේ.

අනෙක් පුද්ගලයින් පස් දෙනා තවදුරටත් කටුනායක ගුවන් තොටුපලේ රදවාගෙන ප්‍රශ්න කිරීම් සිදුකරමින් සිටින බවය පොලිසිය සදහන් කළේය.

ඒ අනුව මේ වනවිට  මාකදුරේ මදුෂ් සමග ඩුබායිහිදී අත්අඩංගුවට ගත් පුද්ගලයින් අතරින් 21 දෙනෙකු මෙරටට පිටුවහල් කර තිබේ.

 

t

o

p