මහියංගණ අනතුරින් 10 ක් මරුට කුඩා ළමුන් තිදෙනෙකුත් මිය ගිය අය අතර

April 17, 2019

මහියංගණය  – බදුල්ල මාර්ගයේ මහියංගණය මහා විද්‍යාලය ඉදිරිපිටදී අද (17) අලුයම 1.30ට පමණ වෑන් රථයක් සහ බස් රථයක් එකිනෙක ගැටීමෙන් වෑන් රථයේ ගමන් කළ පුද්ගලයින් 10 දෙනෙක් මියගොස් ඇති දෙදෙනෙකු බරපතල තුවාල ලබා ඇති බව මහියංගණය පොලිසිය පවසයි.

දියතලාව සිට ත්‍රිකුණාමලය දක්වා ගමන් කරමින් තිබු පුද්ගලික බස් රථයේ මුහුණට මුහුණ ගැටී ඇති වෑන් රථය බස් රථයේ තුලට ඇඳීගොස් ඇතැයි පොලිසිය පවසයි. අනතුර සිදුවන අවස්ථාවේදී වැන් රථයේ පුද්ගලයින් 12 දෙනෙක් ගමන් කර ඇති අතර සිද්ධියෙන් තුවාල ලබා සිටින අනෙක් දෙදෙනාගේ ද තත්ත්වය බරපතළ බව පොලිසිය සඳහන් කරයි.

මිය ගි පිරිස මෙසේය.

Mahiyangana accident 3

මෙම අනතුරෙන් වැඩිහිටි පුද්ගලයින් 7 දෙනෙක් සහ කුඩා ළමුන් තිදෙනෙක් මිය ගොස් ඇති බවයි වාර්තා වුණේ. මියගිය පුද්ගලයින්ගේ මළ සිරුරූ මහියංගණය රෝහලේ තැන්පත් කර තිබෙනවා.

වෑන් රථයේ රියදුරුට නින්ද ගොස් මාර්ගයේ වැරදි මංතීරුවට ධාවනය වීම නිසා මෙම අනතුර සිදුවන්නට ඇති බව පොලිසිය සැක කරයි.

Mahiyangana accident 2 Mahiyangana accident Mahiyangana accident 1

t

o

p