උත්සව සමයේ මනුෂ්‍ය ඝාතන 9 ක් මාරක රිය අනතුරු 19 ක්

April 16, 2019

අලූත් අවුරුදු තෙදිනතුල දිවයිනේ ප්‍රදේශ රැසක මනුෂ්‍ය ඝාතන නවයක් සිදුව එකොලොස් දෙනෙකු ජිවිතක්ෂයටපත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරිනිතිඥ රුවන් ගුණසේකර පවසයි.
ඉකුත් 13 ,14 හා ඊයේ (15) යන තෙදිනතුල මෙම ඝාතන සිද්ධින් වාර්තා වි තිබේ.
සෙවනගල,ඉපලෝගම,මහඔය, කොලොන්න,කුලියාපිටිය,හුංගම,නොච්චියාගම.දමන ආදි ප්‍රදේශ වලින් මෙම ඝාතන සිද්ධින් වාර්තා වි ඇත.
මෙම ඝාතනයන් වලටමුල් වි ඇත්තේ බිමත්ව කලහකාරි ලෙස හැසිරිම බව මුලික පොලිස් විමර්ශන වලදි අනාවරණය වි තිබේ.
එහෙයින් බිමත්ව කලහකාරි ලෙස හැසිරෙනපුද්ගලයින් සොයා දිවයිනේ සියලූම පොලිස් ස්ථානවල ජංගම මුර සංචාර වැඩි කර ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කලේය

මීට අමතරව අලූත් අවුරුදු තෙදිනතුල දිවයිනේ ප්‍රදේශ රැසක් මාරකරියඅනතුරු 19 ක් සිදුව පුද්ගලයින් විසි දෙනෙකු මරණයටපත්ව තිබේ.
අwන්පොල, කොලොන්න, රැවන්වැල්ල, වරකගොඩ, මාවතගම,පේදුරුතුඩුව,තwුත්තේගම,අම්බලන්තොට,මොණරාගල, ආදි ප්‍රදේශ රැසක ඉකුත් 13,14, හා ඊයේ (15) යන තෙදිනපුරා මෙමරියඅනතුරු සිදුව ඇත.
ගියවසරේ මෙමකාලය හා සසඳනවිට මෙම වසරේ රියඅනතුරු වල අඩු වි ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරිනිතිඥ රුවන් ගුණසේකරමහතා පවසයි.
ගිය වසරේ මෙම තෙදිනතුලමාරකරියඅනතුරු 50 ක් සිදුව 51 කු ජිවිතක්ෂයටපත්ව තිබු බව පවසයි.
මෙලෙස රියඅනතුරු අඩු විමට හේතු වි ඇත්තේ ඉකුත් 11 දා සිට පොලිසිය ක්‍රියාත්මක කර ඇති බිමත් රියදුරන් අත්අඩංගුවට ගැනිමේ විශේෂ මෙහෙයුම නිසා බවද ඔහු පවසයි.
ඉකුත් 11 දා සිට අද (16) අලූයම 6.00 තෙක් එකි සෝදිසි මෙහෙයුම් වලදි බිමත් රියදුරන් 1270 කු අත්අඩංගුවට ගෙන ඇති අතර මාර්ග නිති උල්ලංඝනයකල 34980 කටනඩු පවරා තිබේ.

 

t

o

p