ජනපති පුද්ගලික සංචාරයක් සදහා ඉන්දියාව බලා පිටත් වේ

April 16, 2019

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෞද්ගලික සංචාරයක් සඳහා ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබේ.

තිරුපති කෝවිල වන්දනා මාන කර ගැනීමේ අරමුණින් ජනාධිපතිවරයා අද(16) පෙරවරු 07.40 ට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලෙන් ඉන්දියාව බලා පිටත්ව ගිය බව ගුවන් තොටුපල වාර්තා සදහන් කරයි.

දින දෙකක සංචාරයක් සඳහා ජනාධිපතිවරයා ඉන්දියාවට පැමිණෙන බව එරට මාධ්‍ය ද අද වාර්තා කළේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තිරුපති කෝවිල වැඳ පුදා ගන්නා සිව්වන අවස්ථාව මෙය වන අතර මීට පෙර 2017 වසරේ ඔක්තෝබර් මාසයේදී ජනාධිපතිවරයා තිරුපති වන්දනාව සඳහා ගොස් තිබුණි.

එම සංචාරය අවසානයේ ඔහු ජපානය බලා පිටත් වන බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි

t

o

p