කපා කොටා ගලේවෙල අඹුසැමි යුවල ඝාතනය කෙරේ සහෝදරයන් ගැන සැක

April 16, 2019

ගලේවෙල දේවහුව එකේ ඇළ  නිවසක  කපා කොටා ඝාතනය කරන ලද බවට සැකකරන අඹු-සැමි යුවළගේ මළ සිරුරු දෙකක් 15 රාත්‍රියේ ගලේවෙල පොලිසිය සොයා ගෙන ඇත.

මෙසේ මියගොස්  ඇත්තේ  කෘෂිකර්ම නිෂ්පාදන පර්යේෂණ සහකාර නිලධාරියෙකු වන ගාමිණී සුරවීර (53)  සහ ඔහුගේ බිරිඳ වන අනුලා සුරවීර (51) යන අය බව පොලීසිය කියයි.

ඝාතනය වී ඇති අනුලා සුරවීර මධ්‍යම පළාතේ හොඳම ගෙවිලිය ලෙසත් කෘෂි ආශ්‍රිත ආහාර නිෂ්පාදන 52ක් හඳුන්වා දුන් දිරිය කාන්තාවක් ලෙසත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සම්මානයන්ට පාත්‍ර වූ කාන්තාවක් වේ.

දරුවන් දෙදෙනකුගේ මවක සහ පියෙකු වන මෙම දෙදෙනා නිවසේ සිටියදී කිසියම් පිරිසක් පැමිණ තියුණු ආයුධවලින් ඉතා අමානුෂික ලෙස කපා කොටා ඝාතනය කොට තිබෙන බව පොලීසිය පැවසුවේය.

මෙම දෙදෙනාගේ පුතුන් දෙදෙනා නිවසේ සිට ගලේවෙල නගරයට පිටත්ව ගිය අවස්ථාවේ රාත්‍රි 8.00ට පමණ මෙය සිදුව තිබෙන බව සැක කෙරේ. දරුවන්  නැවත නිවසට පැමිණෙන විට නිවෙස ඉදිරිපිට සිය මව සහ පියා ඝාතනය කොට තිබුණු බව ඔවුන් ප්‍රකාශ කර ඇත.

මෙම දෙදෙනා නිවස ඉදිරිපිට ආහාර ගනිමින් සිටියදී ඝාතනයට ලක්ව ඇති බව සිදුකරන ලද මූලික පරීක්ෂණවලදී හෙළි වී තිබේ.

සිද්ධියට සම්බන්ධ ඝාතකයන් සොයා ගැනීමට තවමත් නොහැකි වී තිබෙන බවත් එහෙත් පුතුන් දෙදෙනාගේ සහ අසල්වාසීන්ගෙන් ලද තොරතුරු මත ඉඩම් ආරවුලක් මුල්කොට ගෙන මියගිය කාන්තාවගේ සහෝදරයන් දෙදෙනෙකු පිළිබඳව බරපතල සැකයක් මතුව තිබෙන බවත් ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් තුනක් යෙදවූ බවත් ගලේවෙල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිලංග ප්‍රනාන්දු සඳහන් කළේය.

Galewela murder 4 Galewela murder 1 Galewela murder 2

t

o

p