පාර්ලිමේන්තුවේ කිර්තිනාමයට හානිවන අයුරින් හැසුරුණු මන්ත්‍රීවරුන් ගැන කතානායක කණගාටුව

April 2, 2019

පාර්ලිමේන්තුවේ කීර්තිනාමයට හානිවන අයුරින් රාජය ඇමැති රන්ජන් රාමනායක සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රී මොහාන් පි‍්‍රයදර්ශන ද සිල්වා යන අය පාර්ලිමේන්තුව තුළ පහත් අසභ්‍ය වචන භාවිතා කරමින් හැසිරීම සම්බන්ධයෙන් තමා ඉතාමත්ම කණගාටුවට පත්වන බව කතානායක කරු ජයසුරිය මහතා පාර්ලිමේන්තුවේදී අද (02) ප‍්‍රකාශ කළේය.

පාර්ලිමේන්තුව ආරම්භයේදී විශේෂ ප‍්‍රකාශයක් කරමින් කතානායකවරයා මේ බව සඳහන් කළේය.

පාර්ලිමේන්තුවේ අභිමානය හා ගෞරවය කෙලෙසෙන ආකාරයේ වචන කිසිම ආකාරයෙන් පාර්ලිමේන්තුවේ වාද විවාද වලදී භාවිතා නොකරන ලෙස සියලූම මන්ත‍්‍රීවරුන්ට කතානායකවරයා අවධාරණය කළේය.

වාද විවාදවලදී තම විරෝධතාවය ප‍්‍රකාශ කිරීමේදී මීට වඩා සංවරව ආදර්ශමත් ලෙස පාර්ලිමේන්තුවේ කීර්තිනාමයට කිසිදු ආකාරයෙන් හානියක් නොවන ලෙස සිදුකරන ලෙසද කතානායක කරු ජයසුරිය මහතා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේය.

t

o

p