පරාජයට පත් වූ වැය ශිර්ෂ දෙක වෙනුවෙන් ඉදිරිපත් වූ පරිපූරක දෙක 05 දා ඡන්දයට

April 3, 2019

අයවැය කාරක සභා අවස්ථා විවාදයේදී පරාජයට පත් වූ මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ වැය ශිර්ෂ දෙක වෙනුවෙන් ඉදිරිපත් කළ පරිපූරක ඇස්තමේන්තු අය වැය ඡන්ද විමසිමෙන් පසු හෙට (05) සවස සම්මත කර ගැනීමට රජය තීරණය කර ඇත.

පාඨලී චම්පික රණවක සහ වජිර අබේවර්ධන යන ඇමතිවරුන්ගේ වැය ශීර්ෂ හෙට (05) යළි පාර්ලිමේන්තුවේදී සම්මත කරගැනීමට පක්ෂ නායක රැස්වීමේදි  තීරණය කර තිබේ.

වැය ශිර්ෂ දෙක පරිපුරක ඇස්තමේන්තු ලෙස ඊයේ (03) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර ඒවා මුදල් කාරක සභාවට ඉදිරිපත් කිරිමට නියමිතය. මුදල් කාරක සභාවේදි සලකා බැලීමෙන් පසු එම පරිපූරක ඇස්තමේන්තු හෙට පාර්ලිමේන්තුවේදි සම්මත කර ගන්නා බව රජය පක්ෂ නායකයින්ට දැනුම් දී ඇත.

අය වැය තුන්වන වර ඡන්ද විමසිමෙන් පසු ස්ථාවර නියෝග අත්හිටුවා පරිපුරක ඇස්තමේන්තුව ඉදිරිපත් කිරිමට ද රජය තීරණය කර තිබේ. පරිපුරක ඇස්තමේන්තු කැබිනට් මණ්ඩලයද අනුමත කළ අතර පෙරේදා පැවැති පක්ෂ නායක රැස්විමේදිද මෙය පරිපුරක ඇස්තමේන්තු ලෙස ඉදිරිපත් කර සම්මත කර ගැනීමට තීරණය කර තිබේ.

පාඨලී ම්පික රණවක මහතාගේ මහ නගර හා බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍යාංශයේ වැය ශීර්ෂයත්, වජිර අබේවර්ධන මහතාගේ අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ වැය ශීර්ෂ පිළිබද පසුගිය 28 වැනිදා පැවති විවාදයේදී වැඩි ඡන්ද 18කින් පරාජයට පත්විය.

t

o

p