පරාජය වූ වැය ශිර්ෂ දෙක හෙට (03) යළි සම්මත කර ගැනිමට තීරණය වේ.

April 2, 2019

අයවැය කාරක සභා අවස්ථා අවස්ථා විවාදයේදී විපක්‍ෂය විසින් පරාජයට පත්කළ පාඨලී චම්පික රණවක සහ වජිර අබේවර්ධන යන ඇමතිවරුන්ගේ වැය ශීර්ෂ හෙට (03) යළි පාර්ලිමේන්තුවේදී සම්මත කරගැනීමට තීරණය කර ඇත.
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (02) පාර්ලිමේන්තු සංංකීර්ණයේ පැවති කැබිනට් රැස්වීමේදී මෙම වැය ශීර්ෂ යළි පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර සම්මතකර ගැනීම ස`දහා අනුමැතිය ලබා ගෙන ඇත. පක්ෂ නායක රැස්වීමේදි හෙට දිනයේදි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර පළමු කටයුත්ත ලෙස සම්මත කර ගැනිමට තිරණය කර තිබේ.
ඒ අනූව මෙම වැය ශීර්ෂ පරිපූරක ඇස්තමේන්තු ලෙසින් හෙට පාර්ලිමේන්තුවේ අයවැය කාරක සභා අවස්ථා විවාදයට පෙර හෝ ඉන් පසුව ඉදිරිපත්කර අනුමැතිය ලබා ගන්නා බව ජ්‍යේෂ්ඨ ඇමැතිවරයෙක් ප‍්‍රකාශ කළේය.
පාඨලී ම්පික රණවක මහතාගේ මහ නගර හා බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍යාංශයේ වැය ශීර්ෂයත්, වජිර අබේවර්ධන මහතාගේ අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ වැය ශීර්ෂ පිළිබ`ද පසුගිය 28 වැනිදා පැවති විවාදයේදී වැඩි ඡන්ද 18කින් පරාජයට පත්විය.

t

o

p