විශාලතම පාබල පුහුණු ක්රියයාන්විතය ‘Western Shield’ ජූලි මාසයේ දියත් කිරීමට නියමිතයි

April 2, 2019

 

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් සංවිධානය කරනු ලබන විශාලතම පුහුණු අභ්‍යාසය ‘Western Shield’ ලෙසින් 2019 ජූලි 01 වන දින ආරම්භ කිරීමට නියමිතය. මෙම යුද අභ්‍යාසය යුද්ධ හමුදාවේ සේවා රෙජිමේන්තු භටයින් ඇතුළු නාවික හා ගුවන් හමුදා භටයින්ගේ ද සහාය ඇතිව ආරම්භ කිරීමට නියමිතය.

 

මෙම අභ්‍යාසය යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ සංකල්පයක් මත පාබල හමුදා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ ජෙනරාල්ගේ අධීක්‍ෂණයෙන් ‘Western Shield’ යුද අභ්‍යාසයේ සියළු කටයුතු මේ වන විට අවසන් කර ඇත. මෙම අභ්‍යාසය සඳහා පාබල හමුදා සාමාජිකයින් 5000 ක්, සේනාංකාධිපතිවරුන් 3 ක්, බලසේනාධිපතිවරුන් 9 දෙනෙකුන් හා අණදෙන නිලධාරීන් 15 දෙනෙකු සමගින් යුද්ධ හමුදා ආධාරක කණ්ඩායමක් අධ්‍යක්‍ෂ ජෙනරාල් පාබල හමුදා මේජර් ජෙනරාල් දුමින්ද කැප්පෙටිවලාන ගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ අනුරාධපුර, මන්නාරම සහ පුත්තලම යන ප්‍රදේශයන් ආවරණය වන පරිදි ‘Western Shield’ අභ්‍යාසය මාසයක් පුරා පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇත. යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක යුද්ධ හමුදා නිලධාරීන්ගේ වෘත්තීය අවශ්‍යතා හොඳින් හඳුනාගෙන, අනාගතයේ ඇතිවිය හැකි යුදමය තර්ජනයන්ට මුහුන දීම සඳහා, උපායශීලී ක්‍රියාකාරීත්වය, සතුරු ප්‍රහාර, පාබල මෙහෙයුම්, න්‍යායාත්මක අවබෝධය, තීරණ ගැනීම සහ මෙහෙයුම් හැකියාවන්, සිතියම් කියවීම, අණදීම ආදී කටයුතු මෙන්ම චිත්ත ධෛර්යය සහ මානසික සූදානම පවත්වාගෙන යාම සඳහාය. විශේෂයෙන්ම ත්‍රස්තවාදීන්ට එරෙහිව පැවති මානුෂීය මෙහෙයුම් අවසන් කිරීමෙන් වසර 10 ක් ගතවීමෙන් පසුව මෙම අභ්‍යාසයන් ක්‍රියාත්මක කිරීම සඳහා උපදෙස් ලබා දී ඇත.

 

මෙම ‘Western Shield’ අභ්‍යාසයේදි මන්නාරම සිට පුත්තලම දක්වා කල්පිටිය, විල්පත්තුව ජාතික වනෝද්‍යානය, මාවිල්ලු සහ තබ්බෝව වන රක්ෂිතයන් සහ බටහිර වෙරළ තීරයේ අභ්‍යාස කිරිමට නියමිතයි. වණ රක්‍ෂණ බළධාරීන්ට හැර වෙනත් අයවළුන් හට ප්‍රවේශ වීමට නොලැබෙන ප්‍රදේශ හරහා ගමන් කිරීමට මින් යුද්ධ හමුදාවට අවස්ථාවක් ලබාදී ඇත.

 

සති අන්තයේදී මේජර් ජෙනරාල් දුමින්ද කැප්පෙටිවලාන විසින් දියතලාව ප්‍රදේශයේ පැවති මිත්‍ර ශක්ති පුහුණු වැඩසටහනට සහභාගි වූ ශ්‍රී ලංකා හා ඉන්දියානු භට පිරිස් මුණ ගැසීමට ගොස් සිටි යුද්ධ හමුදාපතිතුමන් වෙත ‘Western Shield’ හි ඇති ප්‍රයෝගික හා අනෙකුත් අවශ්‍යතාවයන් ගැන පැහැදිලි කළේය.

 

පූරා මාසයක් පුරා ආවරණය වන දැවැන්ත පාබල පුහුණු අභ්‍යාසය (Western Shield), යුද්ධ හමුදා ඉතිහාසයේ විශාල සන්ධිස්ථානයක් බවට පත් වන අතර එහිදි භට පිරිස් හට ක්‍රියාන්විත මෙහෙයුම් පිළිබඳ දැනුම වැඩි දියුණු කර ගැනීමට හා දැනට ලබා ඇති දැනුම තවදුරටත් යාවත්කාලීන කරගැනීමට හැකියාවක් ලැබෙනු ඇත.

Army 1 Army 2

t

o

p