රන්ජන් රාමනායක හා එජනිස මන්ත්‍රී මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා ගැටුමක

April 1, 2019

මහාමාර්ග හා මාර්ග සංවර්ධන ඇමති රන්ජන් රාමනායක මහතා සහ ගාල්ල දිස්ත‍්‍රික් එජනිස මන්ත‍්‍රී මොහාන් ප‍්‍රියදර්ශනද සිල්වා මහතා එකිනෙකාට අසභ්‍ය වචනවලින් බැන ගනිමින් හැසිරීම නිසා අද (01) සභා ගැබ තුළ උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවිය.
රාජන්‍ ඇමති රන්ජන් රාමනායක මහතා අධිකරණ අමාත්‍යාංශයට අදාළ වැය ශීර්ෂය පිළිබ`ද විවාදයට එක් වෙමින් පෙර පැවති ආණ්ඩුවත් වර්තමානයේ ලබා දෙන ඇතැම් නඩු තීන්දු පිළිබ`දවත් කතා කළේය. ඉන් පසු විවාදයට එක්වූ මොහාන් ප‍්‍රියදර්ශන මන්ත‍්‍රීවරයා රන්ජන් රාමනායක රාජ්‍ය ඇමතිවරයාගේ කතාව ‘ගොන්’් කතාවක් බව කීය.
ඊට පිළිතුරුලෙස රන්ජන් රාමනායක මහතා මොහාන් ප‍්‍රියදර්ශන මන්ත‍්‍රීවරයාගේ බිරි`ද සහ දරුවන් අපහසුතාවයට පත්වන ආකාරයේ ප‍්‍රකාශයක් කළේය. මන්ත‍්‍රී වාහන බලපත‍්‍ර හොරෙන් අළෙවි කළ බවට ඇමතිවරයා සහ මන්ත‍්‍රීවරයා දෙදෙනාටම චෝදනාකර ගත්හ. ඒ අවස්ථාවේ දෙදෙනා අතර ඇතිවූ මත ගැටුම අුරදිග ගිය අතර මොහාන් ප‍්‍රියදර්ශන මන්ත‍්‍රීවරයා අසැබි වචනයක් සමග ‘ පලයන්’ යැයි රාජ්‍ය ඇමතිවරයාට කීය.
ත්‍ම් අවස්ථාවේ මුලසුනේ සිටියේ සිඞ්නි ජයරත්න මනිත‍්‍රීවරයාය. මුලසුනේ උපදෙස් මත තමන් අදාළ වචනය ඉල්ලා අස්කර ගන්නා බව කී මන්ත‍්‍රීවරයා එය සාමාන්‍ය ව්‍යවහාරයේ ඇති වචනයක් මිස පරුෂ වචනයක් නොවන බවද කීය.
මීට පෙර අවස්ථාවකදී වාසුදේව නානායක්කාර මන්ත‍්‍රීවරයාද සභාගැබ තුළ මෙම අසැබි වචනයෙන් අගමැතිවරයාට බැණ වැදි ආකාරය සමාජ මාධ්‍ය ඔස්සේද ප‍්‍රචාරය විය.

t

o

p