2012 වසරේදි 38 වතාවක් විදුලිය කැපු මහින්ද, තප්පරයක්වත් විදුලිය නොකැපූ බව අද කියයි

April 2, 2019

උත්තර දෙමින් විදුලි බල කප්පාදුව රජයේ අසමත්කම පෙන්වන බවත් තම පාලන කාලය තුළ තත්පරයක්වත් ලයිට් කැපීමක් සිදුව නැති බවත් පවසුවේය.
නමුත් මේ කතාව ඇත්තක්දැයි යන්න ගැන සමාජ මාධ්‍ය තුළ සංවාදයක් ඇතිව තිබේ. ඔහු මැරි ඉපදුනාසේ කතා කිරිම ගැන ජනතාව තුළ  ඇත්තේ අප්‍රසාදයකි. 2012 වසර තුළ පමණක් නොරොච්චෝලේ බලාගාරය 38 වතාවක් කැඩි ඇති අතර ඒ හේතුවෙන් එම 38 වතාව තුළම දින ගණනාවක් විදුලිය කප්පාදු කළේය.

මහින්ද  රජය සමයේ  2012 වසරේ අවස්ථා ගණනාවකදී කෙරවලපිටිය, නොරච්චෝලේ බලාගාරවල ගැටලු හමුවේ විදුලි කප්පාදුව සිදු කර තිබූ අතර කාලසටහනක් අනුව දවසේ පැය ගණනාවක් විදුලිය කපා හැරීම සිදු කරන ලදි.ඒ බව එකල පුවත්පත්වල පවා සටහන් විය. එම පුවත් වාර්තාව පහළින් පළවේ.

Mahinda electricity

t

o

p