විදේශීය කිරිපිටි පිළිබද විමර්ශන වාර්තාව ඉකිමණින් පාර්ලිමේන්තුවට ගේනවා – හැරිසන්

April 1, 2019

විදේශීය කිරිපිටි පිළිබඳ විමර්ශන වාර්තාව ලද වහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කෘෂිකර්ම ග‍්‍රාමීය ආර්ථික කටයුතු පශු සම්පත් සංවර්ධන වාරිමාර්ග ධීවර ජලජ සම්පත් සංවර්ධන ඇමති පී හැරිසන් මහතා පාර්ලිමේන්තුවේදී අද (01) ප‍්‍රකාශ කළේය.
අදාළ පරික්ෂණ දේශීය හා විදේශීයව සිදුකරන බවත් කිරිපිටිවල කටුපොල් ඇතුළු සංඝටක ඇද්ද යන්න පිළිබඳව එම වාර්තාව අනුව නිගමනය කළහැකි බවත් ඇමතිවරයා සඳහන් කළේය.
විදේශීය කිරිපිටි කිලෝවක් සඳහා රුපියල් 180ක බද්දක් රජය පනවා ඇති බව පැවසූ ඇමති පී හැරිසන් මහතා වසර 2000 සිට 2018 දක්වා ඇමෙරිකානු ඩොලර් මිලියන 3.9ක බදු ආදායමක් ලැබී ඇති බවත් කිරිපිටි මෙටි‍්‍රක් ටොන් මිලියන 1.33ක් ආනයනය කර ඇති බවත් ඇමතිවරයා පැවසීය.
පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන මහතා මතුකළ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමති පී හැරිසන් මහතා මේ බව සඳහන් කළේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමති පී හැරිසන් මහතා මෙසේද කීය.
දේශීය කිරිපිටි සමාගම් බිද වැටීමකට ලක්ව නැහැ. ඉල්ලන ප‍්‍රමාණයට සැපයීමයි ගැටළුව. මිල්කෝ සමාගම , පැලවත්ත , නෙස්ලේ, හා කාගිල්ස් ආයතතනය දේශීයව කිරි නිෂ්පාදනය කරනවා.
2000 වසරේ සිට 2018 දක්වා දියර කිරි නිෂ්පාදනය ලීටර් මිලියන 151 සිට 386 දක්වා වර්ධනය වී තිබෙනවා. මී කිරි ලීටර් මිලියන 30 සිට 86 දක්වා වැඩිවී තිබෙනවා. ඒ වගේම විදේශීය කිරිපිටි සඳහා වන බදු අඩුකර නැහැ.

t

o

p