විදේශ සේවය හොරුන්ගේ හා පෝටර්වරුන්ගේ සේවයක් වෙලා – බිමල් රත්නායක

March 26, 2019

විදේශ සේවය පෝටර් සේවයක් වගේම හොරුන්ගේ සේවයක් බවට පත් කර ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේ දි අද (26) ප්‍රකාශ කළේය.

කටාර් රාජ්‍ය යේ තානාපතිවරයා හැටියට දේශපාලන පක්ෂ නායකයෙක් පත් කළා. ඔහු ෆොරින් සර්විස් එක පෝටර් සර්විස් එකක් කළා. මහින්ද රාජපක්ෂයේ පුතුන්ගේ බෑග් ඇදගෙන යන්නේ තානාපතිවරයායි. අමරිකාවේ හිටපු තානාපති ලෙස පත් වුනේ මහින්ද රාජපක්ෂගේ ඥාතියෙකුයි. ඔහුට පත් වූ දා ඉදලාව චෝදනා එල්ල වුනා. එයා  ෆොරින් සර්විස් එක ෆොර්ජ් සර්විස් එකක් බවට පත්කලා යැයිද ඒ මහතා කීවේය.

විදේශ කටයුතු අමාත්‍යාංශ වැය ශිර්ෂය පිළිබද අය වැය කාරක සභා විවාදයට එක් වෙමින් මන්ත්‍රීවරයා තවදුරටත් මෙසේද කීය.

සාර්ක් කලාපයේ සියලුම රටවල්වලින් රටවල් දෙකක් හැර අනෙක් සියලු රටවලට තානාපතිවරු ලෙස පත්කර තිබෙන්නේ දේශපාලන පත්වීම්. දැනට වසරක් තිස්සේ වොෂින්ටන්වලට ශ්‍රීලංකා තානාපතිවරයකෙු පත් කර නැහැ. අවුරුදු විස්ස විසි දෙක දේශපාලන වශයෙන් තානාපතිවරු පත් කර තිබීම නිසා තානාපති කාර්යාලවල වසර අට දහය සේවය කරන තානාපති සේවයේ සුදුසුකම් තිබෙන නිලධාරින්ට තානාපති තනතුරු නොලැබෙන තත්ත්වයක් පවතිනවා. ඒක හරිම අසාධාරණයි.

සෝපා ගිවිසුම යටතේ ලංකාවට එන ඇමරිකානු හමුදාවන්ට ගුවන් බලපත්‍ර නොමැතිව, රියදුරු බලපත් නොමැතිව ලංකාවට එන්න පුළුවන් ඇවිල්ලා රිය පදවන්න පුළුවන්. ඒ විතරක් නොවෙයි ඔවුන් රැගෙන එන වාහනවලට කිසිම බදු අය කිරීමක් නැහැ. ඔවුන්ට ඕනෑම දෙයක් රටට ගේන්න පුළුවන්. මේ රටෙන් ඕනෑම දෙයක් ඒ අයගේ රටවල්වලට අපනයනය කරන්නත් පුළුවන්. මේ වගේ ගිවිසුම් අත්සන් කළොත් තව අවුරුදු 100 ක් ගියත් වෙනස් කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මේ ගිවිසුම අත්සන් කරන්න ඉඩ දෙන්න එපා…

t

o

p