සංචාරක ඇමතිට උඩින් තින්දු තීරණ ගන්න පිරිසක් නිසා ව්‍යාපාරය කඩා වැටිලා – නිමල් ලන්සා

March 26, 2019

සංචාරක ඇමතිටයි, රාජ්‍ය ඇමතිටයි උඩින් තවත් කට්ටියක් තීන්දු තීරණ ගන්නවා. ඒක නැවතුනේ නැතිනම් සංචාරක කර්මාන්තය ඉවරයි යැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී නිමල් ලන්සා මහතා පාර්ලිමේන්තුවේදි අද (26) පැවසීය.

විදේශ කටයුතු, වනජිවි, සංචාරක හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍යාංශ පිළිබද වැය ශිර්ෂයන් පිළිබද අය වැය කාරක සභා විවාදයට එක් වෙමින් මන්ත්‍රීවරයා මෙසේද කීය.

සංචාරක ක්ෂේත්‍ර යේ අප රට ගැන ප්‍රචාරය කරන්න කිසිම වැඩපිළිවෙලක් නැහැ. ඇමතිට විතරක් මේවා කරන් බැහැ. නිලධාරින් මේ ගැන අවධානය යොමු කළ යුතුව තියෙනවා. එහෙම වැඩපිළිවෙලක් පෙනෙන්ට නැහැ. සංචාරකයා රටකට එද්දී බලන්නේ ඒ රටේ ඉන්න ජනාධිපති කවුද? අගමැති කවුද? කියලා නොවෙයි. සංචාරක ක්ෂේත්‍රයට අවශ්‍ය පහසුකම් තියෙනවාද කියලායි බලන්නේ. 2017 වෙද්දි සංචාරක ක්ෂේත්‍රය වර්ධනය වීම 3% යි වෙලා තියෙන්නේ.

ලෝකේ අනෙක් රටවල 5% වෙන කොට අපේ රටේ 3% යි. මේ අවුරුදු 5 තුළ යුරෝපා සංචාරකයෝ අඩුවෙලා. ලෝකයේ සංචාරක කර්මාන්තය සීග්‍රෙයන් දියුණු වෙලා තිබ්බට ලංකාවේ එහෙම නැහැ. සංචාරක ව්‍යාපාරයක් දියුණු වෙන්න නම් ජාතික ප්‍රතිපත්තියක් ඇති විය යුතුයි. කොයි ආණ්ඩුව ආවත් , කොයි ඇමති ආවත් වෙනස් නොවන ප්‍රතිපත්තියක් තිබිය යුතුයි.

t

o

p