විදේශ අමාත්‍යාංශයට පැහැදිලි විදේශ ප්‍රතිපත්තියක් නැහැ – නාමල් රාජපක්ෂ

March 26, 2019

විදේශ අමාත්‍යාංශය අද දේශපාලන ප්‍රකාශවලට උත්තර බදින අමාත්‍යාංශයක් බවට පත්ව ඇතැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදි අද (26) ප්‍රකාශ කළේය.

එතනින් එහාට කිසිදු දෙයක් කිරිමට මෙම අමාත්‍යාංශයට නොහැකිව ඇතැයිද මන්ත්‍රීවරයා කීවේය. එදා මහින්ද රාජපක්ෂ ටැන්සානියාවට යන කොට විපක්ෂයේ හිටපු මන්ත්‍රීවරු බැන්නා. ඊට පස්සේ ඇමරිකානු ජනාධිපති ටැන්සානියාවට යනකොට කට වහගත්තාය යැයිද ඒ මහතා සදහන් කළේය.

මන්ත්‍රීවරයා එහිදි මෙසේද කීය.

විදේශ කටයුතු අමාත්‍යාංශය මේ දිනවල මානව හිමිකම් ගැන කතා කිරීමට පමණක් සීමා වෙලා. කෙසේ වුනත් මේ ආණ්ඩුවට විදේශ ප්‍රතිපත්තියක් නැහැ. අපේ තානාපති කාර්යාලයන් අද බලාගෙන ඉන්නේ මානව හිමිකම් ගැන කතා කරන්න. මේ රටේ සංචාරක ප්‍රවර්ධනය වැඩි කරන්න ඔවුන්ට නිසි වැඩපිළිවෙලක් නැහැ. ඔවුන් ඒ කාර්යාලවල ඔහේ ඉන්නවා.

තානාපතිවරු පත් කිරිම ගැන මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට බැන්නා දේශපාලන පත්වීම් දෙනවා කියලා. හැබැයි මේ ආණ්ඩුව කරන්නේ ඊටත් එහා ගිය දේවල්. ඇමරිකාවට තානාපති කෙනෙක් නොමැතිව අවුරුද්දක් හිටියා. හම සුදු නම් විතරයි විදේශ සබදතා පවත්වන්න ඕනේ කියලයි ආණ්ඩුව හිතන්නේ. පාටට විදේශ සබදතා පවත්වන්න බැහැ.

අපට රටක් විදියට අවශ්‍ය උපකාර ගන්න පුළුවන් විදිහට තමයි විදේශ සම්බන්ධකම් පවත්වන්න ඕනේ. ඒකට සුදු කලු බේදයක් අවශ්‍ය නැහැ. රටක විදේශ ප්‍රතිපත්තිය නිසි ලෙස ක්‍රියාත්මක කළ යුතුයි. එහෙම නැතුව ආණ්ඩුවකට පැවැත්මක් නැහැ.

t

o

p