විදුලි කප්පාදුව ගැන ජනපතිගෙන් කැබිනෙට්ටුවේදි කොමිසමට හා විදුලි ඉංජිනේරුවන්ට දොස්

March 26, 2019

විදුලි කප්පාදුවක් සිදුකරමින් රටතුළ විදුලි අර්බුදයක් ඇතිවන මට්ටමට පැමිණ ඇත්තේ මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සහ ඇතැම් විදුලි ඉංජිනේරුවන්ගේ ක‍්‍රියාකාරකම් නිසා යැයි පවසමින් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා අද (26) කැබිනට් මණ්ඩල රැස්වීමේදී එම කොමිසමට දොස් පවරා ඇත.
ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (26දා) පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී කැබිනට් මණ්ඩලය රැස්විය.
එහිදී රටතුළ සිදුවන විදුලි කප්පාදුව සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බව ඇමැතිවරයෙක් ‘ලංකා නිව්ස් පේජ්’ වෙත ප‍්‍රකාශ කළේය.
විදුලි ජනන සැලැස්ම අනුමත කිරීමට මහජන උපයෝගීතා කොමිසම කටයුතු නොකළ බවත් පෞද්ගලික විදුලි බලාගාර සමග මෙම කොමිසමේ නිළධාරීන් සහ විදුලිබල මණ්ඩලයේ ඇතැම් ඉංංජිනේරුවන් සම්බන්ධතා පවත්වන බවටත් ජනාධිතවරයා ප‍්‍රකාශ කර ඇත.
කොමිසමේ ඇතැම් අය සහ විදුලි ඉන්ජිනේරුවරුන් පෞද්ගලික විදුලි බලාගාර හිමිකරුවන් සමග විදෙස් සංචාර ස`දහා සහභාගී වන බවට තමන්ට තොරතුරු ලැබී ඇතැයි ජනාධිපතිවරයා ඇමැතිවරුන් හමුවේ කියා සිටි බවද ඉහත ඇමතිවරයා කීවේය.
මෙවැනි කටයුතු රැසක් හේතුවෙන් විදුලිය සම්බ්නධයෙන් ප‍්‍රශ්නයක් ඇතිකර ඇති බවටද ජනාධපතිවරයා කැබිනට් මණ්ඩලයේදී ප‍්‍රකාශ කර තිබේ.

t

o

p