ශ‍්‍රී ලංකා ප‍්‍රංශ පාර්ලිමේන්තු මිත‍්‍රත්ව සංගමයේ සභාපති ධූරය ඇමති චම්පික රණවකට

March 26, 2019

ශී‍්‍ර ලංකා ප‍්‍රංශ පාර්ලමේන්තු මිත‍්‍රත්ව සංගමයේ සභාපති ධූරය මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා හට හිමි විය. ඒ පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති විශේෂ සැසියකදී ය. ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායක කරු ජයසූරිය මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැති මෙම සැසිය සඳහා ශ‍්‍රී ලංකාවේ ප‍්‍රංශ තානාපති එරික් ලැවර්ටු (Mr. Eric Lavertu) මහතා ඇතුළු ප‍්‍රංශ නියෝජිතයින් එක් විය.

මෙහිදී අදහස් දක්වමින් මහනගර ඇමති චම්පික රණවක මැතිතුමා සඳහන් කලේ ශ‍්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු සඳහා ප‍්‍රංශ රජය දක්වන සහයෝගය ඉතා අගය කොට සලකන බවයි. මහානගර අමාත්‍යාංශය මගින් ප‍්‍රංශ රජයේ ආධාර ඇතිව කි‍්‍රයාත්මක වන පිටකොටුව බහුවිධ ප‍්‍රවාහන මධ්‍යස්ථානයේ වැඩකටයුතු මේ වන විටත් කි‍්‍රයාත්මක වෙමින් පවතින බවද අනුරාධපුරය සහ මාතර ප‍්‍රදේශ ආශ‍්‍රිතව ප‍්‍රංශ රජයේ ආධාර ඇතිව විශේෂ සංවර්ධන කටයුතු රැසක් අපගේ උපාය මාර්ගික නගර සංවර්ධන ව්‍යාපෘතිය මගින් සිදු කරන බවද පැවසීය.

දෙරට අතර සහයෝගීතාවය වර්ධනය කර ගැනීමට මෙම තනතුර උපකාරී වනු ඇති බවද පැවසූ අමාත්‍යවරයා ශ‍්‍රී ලංකාවේ ඉදිරි සංවර්ධන කටයුතු සඳහා ප‍්‍රංශ රජයේ දායකත්වය ප‍්‍රමුඛව ලබාගැනීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

t

o

p