නවසීලන්තයේ වෙඩි තැබිමක් බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම නූලෙන් බේරෙයි

March 15, 2019

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයින් පිරිසක් උදෑසන යාඥා කටයුතු සඳහා රැඳී සිටි නවසීලන්තයේ ක්‍රිස්ට්චර්ච් නගරයේ අල් නූර් මුස්ලිම් දේවස්ථානය අසළ වෙඩි තැබීමක් සිදුව ඇත.

ප්‍රහාරයෙන්  බංග්ලාදේශ කණ්ඩායමේ කිසිවෙකුටවත් හානියක් සිදුනොවුනද ඉන් පුද්ගලයින් 6 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය .

මේ අතර එම නගරයේම තවත් මුස්ලිම් දේවස්ථානයක වෙඩි තැබීමක් සිදුව ඇති අතර බලධාරීන් ඊට ද ප්‍රතිචාර දක්වමින් පොලිස් කණ්ඩායමක් පිටත් කර හැර ඇති බව ද වාර්තා වේ.

ඒ අනුව සිදුවීම් දෙකෙන්ම  9 දෙනෙකු පමණ මියගොස් ඇත.

අල් නූර් මුස්ලිම් දේවස්ථානය අසළ වෙඩි තැබීම වාර්තා වීමත් සමඟ ඊට ප්‍රතිචාර දක්වමින් පොලිස් නිලධාරීන් එම ස්ථානයට යෙදවීමට බලධාරීන් පියවර ගෙන ඇති අතර ඔවුන් ජනතාවට ප්‍රදේශයෙන් ඉවත් වන ලෙසට අනතුරු අඟවා ඇත.

ප්‍රදේශයේ සියලුම පාසල් සහ රෝහල්ද වසා දමා ඇති බව ද වාර්තා වෙයි.

අදාළ අවස්ථාවේ බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයින්ද අදාළ දේවස්ථානයේ සිට ඇති බවට තොරතුරු වාර්තා වුණි.

කෙසේ වෙතත් ඔවුන්ට මෙම වෙඩි තැබීමෙන් හානියක් වී නොමැත.

අදාළ අවස්ථාවේ ජනතාව හිස් ලූ ලූ අත දිවගිය බව සිදුවීම ඇසින් දුටුවන්ගේ ප්‍රකාශ උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මේ අතර අදාළ වෙඩික්කරු විසින්ම එම වෙඩි තැබීම රූගත කිරීමට කටයුතු කර ඇති බවට අනුමාන කරන බව එරට මුලාශ්‍ර උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

t

o

p