වෑන් රිය කොල්ලකා පලා යමින් සිටි පිරිසක් අල්ලයි

March 15, 2019

වෑන් රථයේ රියදුරුගේ අත් පා බැඳ වෑන් රථයක් කොල්ලකා පලා යමින් සිටි සැකකරුවන් තිදෙනෙකු වෑන් රථයද සමඟ ඊයේ (14) රාත්‍රී 7ට පමණ සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ නවගමුව පොලිස් වසමේ රණාල ජනසවි මාර්ගයේදීය.

සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙකු පසුව අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 28,30,31 හා 38 යන වසස්වල පසුවන ඇඹිලිපිටිය, මීගොඩ, රනාල, නාරන්වල හා කතරගම යන ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

සැකකරුවන් අද (15) හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය සිද්ධිය පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි

t

o

p