ආහාර අලෙවි ප්රචාරණයට දරුවන් යෝදා ගැනිම නවතී

March 15, 2019

ආහාර අලෙවිය සඳහා පළ කරනු ලබන දැන්විම් වෙනුවෙන් දරුවන් යොදා ගැනිම තහනම් කිරිමට අවශ්‍ය ක්‍රියා මාර්ග ගැනිමට බෝ නොවන රෝග නිවාරණ කමිටුව කටයුතු කරමින් සිටින බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

නිවැරදි ආහාර රටාවකින් තොරවිම නිසා දරුවන්ගේ  සෞඛ්‍ය ගැටලු ප්‍රමාණාත්මකව වර්ධනය වෙමින් පවතින බවද කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

එහෙයින් ඉදිරියේදි පාසල් තුල හෙළ බොජුන් හල් ඉදිකිරිමට අමාත්‍යාංශය තිරනය කර තිබේ.දරුවන්ගේ ස්ථුලභාවය අවම කිරිම සඳහා පළතුරු මෙන්ම එළවළු පරිභෝජනය ඉහළ දැමිම මෙහි අරමුණ වේ.

කෘෂිකර්ම අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය හා අධ්‍යාපන අමාත්‍යාංශයේ නිළධාරින්ගෙන් සමන්විතව බෝ නොවන රෝග කමිටුව පිහිටුවා ඇත.

t

o

p