නාවික හමුදාව කේරල ගංජා සමග අයෙක් මන්නාරමේදි අල්ලයි

February 28, 2019

මන්නාරම, පුඩිකුඩුඉරුප්පු ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී මන්නාරම, පොලිසිය හා උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් එක්ව අද (28) උදෑසන කේරල ගංජා කිලෝග්‍රෑම් 42 ක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ 37 වන වියෙහි පසුවන මන්නාරම, පුඩිකුඩුඉරුප්පු ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

එමෙන්ම, උතුරු නාවික විධානයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවන්ට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේද (27) පේදුරුතුඩුවට උතුරු දෙසින් වු මුහුදු ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයකින් කේරල ගංජා කිලෝග්‍රෑම් 86.4 ක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණි.

Kerala Ganja mannar LNPKerala Ganja mannar 2 LNP

t

o

p