ළමා අපයෝජනය කළ දකුණු පළාත් සභාවේ රත්තරන් මන්ත්‍රීට ඇප

February 28, 2019

(ශානි පොල්ගම්පොල)

දේවාලයක් තුලදි දැරියකට ලිංගික අපයෝජනයක් කිරිම සම්බන්ධයෙන් දකුණු පළාත් සභාවේ ක්‍රිෂාන්ත පුෂ්පකුමාර (රත්තරං) මන්ත්‍රිවරයා අද (28) අක්මිමන පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.

අක්මිමන,බටදුව ප්‍රදේශයේ දේවාලයක් තුලදි වයස අවුරුදු 16 මාස 06 ක දැරියකට මොහු බරපත ලිංගික අපයෝජනයක් කල බවට අක්මිමන පොලිසියට පැමිණිල්ලක් ලැබි ඇත.

එම පැමිණිල්ලට අදාල මන්ත්‍රිවරයා අද දින නිතිඥයෙකු මාර්ගයෙන් අක්මිමන පොලිසියට ගිය අවස්ථාවේ අත්අඩංගුවට ගෙන ඇත.
අක්මිමන පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

සැකකරු ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු ඇප මත මුදා හැරිමට නියම කර ඇත.

t

o

p