කොකේන් ගහන ලැයිස්තුව රන්ජන් පරික්ෂණ කමිටුවටත් නැහැ – කිරිඇල්ල

February 22, 2019

කොකේන් පාවිච්චි කරන මන්ත්‍රීවරුන් පිළිබඳ පුකාශයක් කළා ම්ස ඒ අයගේ නම් ලැයිස්තුවක් රන්ජන් රාමනායක රාජ්‍ය ඇමතිවරයා කමිටුවට භාර නොදුන් බව සභානායක ලක්ෂ්මන් කිරි ඇල්ල මහතා ඊයේ (22) මාධ්‍යට පුකාශ කළේය.

කොකේන් භාවිත කරන මති ඇමතිවරුන් විසි හතර දෙනෙකු පාර්ලිමේන්තුවේ සිටින බවට රන්ජන් රාමනායක මහතා කළ පුකාශය පිළිබද සොයා බැලීමට එක්සත් ජාතික පක්ෂය විසින් පත් කළ සිව් පුද්ගල කමිටුව ඊයේ පාර්ලිමේන්තුවේ කමිටු කාමරයක් රැස්විය.
ලක්ෂ්මන් කිරි ඇල්ල මහතා සභාපතිත්වය දරන කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ, රාජ්‍ය ඇමති ඉරාන් වික්‍රමරත්න සහ නිතිඟද මහේෂ් කලුගම්පිටිය යන මහත්වරු කටයුතු කරති.

කමිටුව හමුවේ රන්ජන් රාමනායක මහතා  ප්‍රකාශය කළ පසු මාධ්‍යවේදීන් හමුවේ අදහස් දැක්වූ කිරිඇල්ල මහතා මෙසේද කීය.

රන්ජන් රාමනායක රාජ්‍ය ඇමතිතුමා අද කමිටුව හමුවේ ප්‍රකාශයක් කළා. අපි මේ ප්‍රකාශය සමග කමිටු වාර්තාව සඳුදා වන විට අගමැතිතුමාට භාර දෙනවා. රන්ජන් රාමනායක අපට දුන්නේ ඔහු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දී ඇති පුකාශයමයි  මේ පුකාශයේ සදහන් මන්ත්‍රීවරුන් ගේ නම් මාධ්‍ය හමුවේ ප්‍රකාශ කරන්න බැහැ.

t

o

p