තරුණ ව්‍යාපාරිකයන් පැහැරගත්තාට උප පොලිස් පරික්ෂක CID දැලේ

February 22, 2019

ගාල්ල ,රත්ගම ප්‍රදේශයේදි තරුණ ව්‍යාපාරිකයින් දෙදෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදහන් කරවිමේ සිද්ධියට අදාලව දකුණු පළාත් විශේෂ ඒකකයේ උප පොලිස් පරික්ෂකවරයෙකු අද (22) දින අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ විසි හය හැවිරිදි හේවස්ස ගමගේ විරාජ් මධුසංඛ නැමැති උප පොලිස් පරික්ෂකවරයෙකි.
ගාල්ල-රත්ගම පදිංචිව සිටි ව්‍යාපාරිකයින් වු රසින් චින්තක (31) හා මංජුල අසේල (33) යන දෙදෙනා ඉකුත් ජනවාරි මස 23 වෙනි දින පෙරවරුවේ වෑන් රථයකින් හා මොටර් රථයකින් පැමිණි පොලිසියට සමාන නිළ ඇඳුමින් සැරසුන කණ්ඩායමක් විසින් පැහැරගෙන ගොස් අතුරුදහන් කර තිබුණි.මෙම සිද්ධිය පිලිබඳ චෝදනා දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා යටතේ ඇති දකුණු පළාත් විශේෂ ඒකකයට එල්ල වි තිබුණි.
මේ සම්බන්දයෙන් විමර්ශන පැවැත්විමට පොලිස්පතිවරයා විසින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට භාර දි තිබුනේ ඉකුත් 13 දාය.එහිදි විමර්ශන කණ්ඩායම විසින් මුලික පරික්ෂණ පවත්වා දකුණු පළාත් විශේෂ ඒකකයේ වැඩ බලන ස්ථානාධිපතිවරයා වු කපිල නිශාන්ත ද සිල්වා අත්අඩංගුවට ගත්තේය.එමෙන්ම තරුණයින් පැහැරගෙන ගිය බව පැවසෙන වෑන් රථයද අක්මිමන ප්‍රදේශයේ තිබි සොයා ගනු ලැබුණි.
මේ සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව දකුණු පළාත් විශේෂ ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සමන් රෝහණ, මෙම උප පොලිස් පරික්ෂකවරයා හා තවත් පොලිස් කොස්තාපල්වරයෙකුගෙන් ඉකුත් 20 හා 21 යන දෙදින පුරා ප්‍රකාශ සටහන් කර ගනු ලැබුනි.එහිදි හෙලිව තිබුනේ මෙම තරුණයින්ව පැහැරගැනිමෙන් පසු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය අසල තිබෙන පාළු නිවසකදි ඝාතනය කර සිරුරු විනාශ කර දමා ඇති බවය.
මේ සම්බන්ධයෙන් සැකපිට උප පොලිස් පරික්ෂනවරයා 22 දින අත්අඩංගුවට ගෙන තිබුණි. අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් මේ සම්බන්ධයෙන් විමර්ශන පවත්වයි.

t

o

p