බෞද්ධයකුවිම මත තනතුර නොලැබෙන බවට විනිසුරුවරුන් තමන්ට කීවා – ගම්මන්පිල

February 21, 2019

විනිසුරුවරුන් පත් කිරීමේදී  තමන් බෞද්ධවීම නිසා තමන්ව නොසලකාහරින බවට විනිශ්චකාරවරුන් තමාට කතාකර පෞද්ගලිකව දැනුම්දී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා 21දා පාර්ලිමේන්තුවේදී පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී උදගයම්මන්පිල මහතා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ කල්තැබීමේ විවාදයක් පාර්ලිමේන්තුවේ පැවැත්වුණ අතර එම යෝජනාව ඉදිරිපත්කරමින් ගම්මන්පිල මහතා මේබව පැවසීය.

එහිදී වැඩිදුරටටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මෙසේද කීවේය.

ව්‍යවස්ථාසභාවේ වඩාත්ම මතභේදයට තුඩුදෙන පත්වීම් සිදුවුණේ අධ්කරණයට. ජ්‍යෙෂ්ඨයන් පස්දෙනෙකු නොසලකා මහාධිකරණ විනිසුරුවරයෙක් අභියාචනාධිකරණයට පත්කරනවා. අභියාචනාධිකරයේදී ජ්‍යෙෂ්ඨ විනිසුරුවරුන් හතරදෙනෙකු නොසලකා විනිසුරුවරයෙක් අභියාචනාධිකරණයේ සභාපතිධූරයට පත්කරනවා. අභියාචනාධිකරණයේදී නඩු තීන්දු 42 ක් ලබානොදෙමින් කල්දමා තිබියදී ග්‍රේෂ්ධාධිකරණයට පත්වීම් ලැබෙනවා.

මහාධිකරණයේ ජ්‍යෙෂ්ඨතම විනෙරුවරයා ඉහල අධිකරණයට පත්කිරීම අට වතාවක් නොසලකාහැර තිබෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණයට පත්කිරීම් කරද්දි තමන් බෞද්ධවීම නිසා තමන්ව නොසලකාහරින බවට විනිශ්චකාරවරුන් අතර මතයක් තිබෙනවා. විනිශ්චකාරවරු අපිට කතාකරලා පෞද්ගලිකව ඒගැන කියලා තියෙනවා. යමෙක් බෞද්ධයෙක් වීම තනතුරක් ලැබීමට සුදුසුකමක් නොවේ. ඒවගේම තනතුරක් නොලැබීමට නුසුදුසුකමකුත් නොවේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කියන ආකාරයට ව්‍යවස්ථා සභාවට රීති හදන්න අපි යෝජනා කරනවා.

t

o

p