ව්‍යවස්ථාදායක සභාවට එරෙහිව නඩු දාන්න බැහැ – මන්ත්‍රී විජිත හේරත්

February 21, 2019

 

රජයේ ඉහල තනතුරුවලට පුද්ගලයින් නම්කිරීම කලේ ජනාධිපතිවරයා . ඒක වැරදි දෙයක්. ඒනිසා තමයි 17 වැනි සංශෝධනයක් පසු 19 වැනි සංශෝධනයක් පාර්ලිමේන්තුවට ගෙන ආවේ ඒ අරමුණ වෙනුවෙන් යැයි ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදි 21 දා ප්‍රකාශ කළේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පැවැති කල්තැබීමේ විවාදයට එක් වෙමින් මන්ත්‍රීවරයා මෙසේ ද කීය.

රාජ්‍යසේවයේ පත්කිරිම් මාරැකිරීම් සියල්ල සිදුවුණේ දේශපාලණික වශයෙන්. මේතත්වය වෙනස් කිරීමට රටේ සියලුදෙනාටම අවශ්‍යතාවයක් තිබුණා.

ව්‍යවස්ථා සභාව ස්ථාපිත වෙන්නේ 19 වැනි සංශෝධනය අනුවයි. එහි සංයුතිය ලෙස කලින් තීරණය කරලා තිබුණේ 07 ක් සිවිල් විද්වත් පුරවැසියන් විය යුතුයි කියලා. ඒක වෙනස් කළේ දිනේශ් ගුණවර්ධන මහත්තයා ඇතුළු කණ්ඩායම. අපිට එය අවශ්‍ය වුණේ නැහැ. දේශපාලන මන්ක්‍රීවරැන්ගේ නියෝජනය අඩුකරන්න අදත් අපි එකගයි.

ව්‍යවස්ථා සභාවේ පත්කිරීම් සිදුකරන අවස්ථාවේදී කිසිදු මැදිහත් විමක් කරලා නැහැ. ඒනිසා කථානායකතුමාට පහර ගැසීම මම සම්පුර්ණයෙන්ම හෙලා දකිනවා.

විනිශ්චකාර්යවරැ පත්කිරීමේදී අදාල නිර්නායක ඉදිරිපත්කරලා තිබෙනවා. 17 වැනි සංශෝධනයේදී ඉදිරිපත් කරපු නිර්නායකම මෙයට අදාල කරගන්න ව්‍යවස්ථා සභාව තීරණය කළා. ඒවගේම අනිකුත් ස්වාධින කොමිෂන් සභාවලට පත්කිරීමේදී ලකුණු දීමේ ක්‍රමයක් ඇතිකළා. ජේෂ්ඨතාවය මත පමණක් උසස් වීම් දෙනවානම් එය වැඩක් නැහැ. එය වෙනස්කළ යුතුයි.

නීතිපති පත්කිරීමේදී නම් තුනක් ජනාධිපතිතුමා ව්‍යවස්ථා සභාවය එව්වා. එහිදී ව්‍යවස්ථා සභාව කිව්වා අනුපිළිවෙලට එවන්න කියලා. ඒ අවස්ථිවේදී ජනාධිපතිතුමා එව්වේ එක නම්යි. ඒනම තමයි ජයන්ත ජයසුරිය මහත්මයාගේ නම.  සුහද ගම්ලත් මහත්මයා පත්කරන්න ඔන කියලා කවුරැහරි කියනවානම් ඒ වැරැද්ද කරලා තියෙන්නේ ව්‍යවස්ථා සභාව නෙවෙයි ජනාධිපතිවරයා.

කුප්‍රකට ඇවන්ගාඩ් හොරකම ගැන ආණ්ඩුවේ ඇමතිවරැ 03 ක්ගේ නම් කියවුණා. තිලක් මාරපන ඇමතිතුමාට ඉල්ලා අස්වෙන්න සිදුවුණේ මේ නිසයි. විජේදාස රාජපක්ෂ අධිකරණ ඇමතිවිදිහට සුහද ගම්ලත්ට කියලා තිබුණා ඇවන්ගාඩ් හොරකමට චුදිතයෙක් විදිහට ගෝඨාඊට රාජපක්ෂව නම්කරන්න එපා කියලා . විගණකාධිපතිවරයා විදිහට නිවැරදි පුද්ගලයෙක් තෝරන්න ව්‍යස්ථාව සභාව කටයුතු කළ නිසා තමයි මහබැංකු බැදුම්කරය ගැන තොරතුරැ ජනතාවට දැනගන්න පුළුවන්වුණේ.

ව්‍යවස්ථාසභාවට එරෙහිව නඩු දාන්න බැහැ. නීතිය දන්නේ නැතිනම් ආණ්ඩුක්‍රම ව්‍යව්සථාව කියවලා බලන්න.

t

o

p