තමා බිහිකළ 19 වෙනි සංශෝධනය නැමති දරුවා අංගවිකල වෙලා – ජනපති

February 21, 2019

ඉතාම සත්භාවයෙන් රටේ යහපත වෙනුවෙන් තමා බිහිකළ 19 වැනි සංශෝධනය නැමති සුජාත දරුවා බිහිවනවිටම අංගවිකලවු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සම්බන්ධයෙන් 21 දා පාර්ලිමේන්තුවේදී පැවති කල්තැබීමේ විවාදයට සහභාගීවෙමින් ජනාධිපතිවරයා දීර්ඝ කථාවත් කරමින් මේබව ප්‍රකාශ කළේය.

විනාඩි 55 ක කාලයක් පාර්ලිමේන්තුව අමතමින් ජනාධිපතිවරයා මෙසේද පැවසීය.

ග්‍රේෂ්ඨාධිකරණයට පත්වු විනිසුරුවරුන් පිළීබඳව මම විචේවන සිදුකරනවා කියා ඇතිකරන මතය මම සම්පුර්ණයෙන් ප්‍රතික්ශේප කරනවා.  ග්‍රේෂ්ධාධිකරණයට සහ අභියාචනාධිකරණයට පත්වී ඇති කිසියම් හෝ විනිශ්චකාරවරයෙකු පිළිබඳ  මගේ කිසිදු විචේනයක් නැහැ. මගේ කිසිදු දෝෂාරෝපණයක් නැහැ විරුද්ධත්වනයන් නැහැ. ප්‍රශ්නය කණපිට හරවා මා පිළිබඳ වැරදි රූපයක් පෙන්වන්න ඇතැම් පිරිස් උත්සහගන්නා බව මට පෙනීගියා.

19 සංශෝධනය මාවිසින් බිහිකළ දරුවා. ඒ සුජාත දරුවා බිහිකළේ බලාපොරොත්තු රාශියක් සහිතවයි. එය සම්මතකරගැනීම මා සම්පුර්ණයෙන්ම කැපවුණා.  නමුත් 19 සංශෝධනය බිහිවනවිටම ආංගවිකලවී ඇතිබව මම අද පිළිගන්නවා.

19 වැනි සංශෝධනයෙන් කළේ අසීමිත බලයක් තිබුණ විධායක ජනාධිපතිවරායාගේ බලතල පාර්ලිමේන්තුවට ගැනීමයි. බලය දන්දුන්න අය ලෝකයේ හරිම අඩුයි. ජනතාවට දුන්නු පොරොන්දු අනුව බලයට පත්වුනාට පසුව බලය දන්දුන්නු  කෙනෙක් මම. මේ ආණ්ඩුවේ කටයුතු වලට මම සහයෝගය දුන්නේ එහෙමයි. නමුත් 19 වැනි සංශෝධනය නැමති සුජාත දරුවා අපචාරයට ලක්වී තිබෙනවා. 19 වැනි සංශෝධනයෙන් ස්වාධින කොමිෂන් සභා හැදුවා. ඒවායේ කාර්ය පිළිබදව 19 වැනි සංශෝධනයේ පැහැදිලිව තිබෙනවා.

අද පළාත්සභාවලට වෙන්කරන මුදල් වලින් 80% ක් නඩත්තුවට වැයවෙන්නේ. පළාත් සභා ක්‍රමය නිවැරදිකරගැනීමට අපි කවුරුවත් පසු විපරමක් කරලා නැහැ. අපි අතින් යම් වැරැද්දක් සිදුවෙනවානම් ඒ වැරැද්ද නිවැරදි කරගත යුතුයි. ඒවගේම ව්‍යවස්ථා සභාව සම්බන්ධයෙනුත් එසේ කළයුතුයි.

ඒ වගේම මේ අයාතනවලට විනිසුරුවන් පත්කිරීමේදී විනිසුරුවරුන් පත්කරපු අය ගැන නෙවෙයි මගේ ප්‍රශ්නය . ප්‍රතික්ශේප කරන අය ගැනයි මම ප්‍රශ්න කළේය. මේවනවිට ව්‍යවස්ථා සභාව විනිසුරුවරුන් 14 කුගේ නම් ප්‍රතික්ශේපකරලා තියෙනවා. නමුත් ඒ අය ප්‍රතික්ශේප කරන්න හේතුව ඇයි කියලා මෙතෙක් කියලා නැහැ. තමන්ගේ පත්වීම නොලැබෙන්නේ නැත්තේ ඇයි කියලා දැනගන්නට ඔනෑම කෙනෙකුට අයිතියක් තියෙනවා. ව්‍යවස්ථා සභාව දේශපාලණීකරය වෙලා කියලා අද පොදු මතයක් තිබෙනවා.

විනිසුරුවරයෙක් උසස්වීමකට නුසුදුසුයිනම් ඔවුන්ට කියන්නට අයිතියක් තිබෙනවා. අගවිනිසුරුතුමාටත් ඒගැන කියන්න අයිතියක් තිබෙවනවා.  සාධාරණ හා විනිවිධ භාවයෙන් මෙ සභාව  කටයුතු කරනවානම් මේ නම් ප්‍රතික්ශේපවුණ අයගේ නම් ප්‍රතික්ශේප වීමට හේතුව මට දන්වල එවිය  යුතුයි. ව්‍යවස්ථා සභාව එහෙම කරලත් නැහැ අගවිනිසුරුතුමා එහෙම කරලත් නැහැ. අදවනවිට ව්‍යවස්ථා සභාව හැසිරීඇති ආකාරයට අනුව එය සදාචාරාත්මක නැහැ කියලා මතයක් තිබෙනවා.

ව්‍යවස්ථා සබාව   විසින් සෑම මාස තුනකට වරක්ම එවිය යුතු වාර්තාව මට ලැබී තිබුණත් ප්‍රතික්ශේප වීම් සම්බන්ධයෙන් එහි සඳහන්ව නැහැ.

ඒවගේම මෑතකදී පත්කළ නීතිපති පත්කිරීම පොලිස්පතිපත්කිරීම සදාචාරාත්මක නැහැ කියන එකයි මගේ හැගීම. ඒතනතුරුවලට පත්කළ පුද්ගලයින් පිළිබඳ අද රටේම ප්‍රශ්න තිබෙනවා.

ව්‍යස්ථාසභාව අද වනතුරු රීති සකස්කර අනුමත කර ගැසට් පත්‍රයේ පළකර නැහැ. එය අනුමතතළ නොහැකියි. ව්‍යවස්ථා සභාවේ රීති සකස්කිරීම 19 වැනි සංශෝධනය යටතේ අත්‍යවශ්‍යම කාරණයක් යැයි ජනාධිපතිවරයා සඳහන් කළේය.

 

t

o

p