නාඩු සහල් කිලෝව 80 ත්, සම්බා සහල් කිලෝව 85 ත් කරන ගැසට්ටුවක් නිකුත් කරනවා

February 21, 2019

නාඩු සහල් කිලෝවක උපරිම සිල්ලර මිල 80 ලෙසටත් සම්බා සහල් කිලෝවක උපරිම සිල්ලර මිල 85 ක් ලෙසත් නම්කර ඇති අතර ඊට අදාළ ගැසට් නිවේදනය අප්‍රේල් මස 01 දා ප්‍රකාශයට පත්කරන බව  කෘෂිකර්ම අමාත්‍ය පී හැරිසන් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් 21දා පාර්ලිමෙන්තුවේදී ඇමතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

එමෙන්ම වී ගොවිතැන සඳහා අවශ්‍ය පොහොර නොමිලයේම ලබාදීමය අදාලව යෝජනාවක් මෙවර අයවැයට ඉදිරිපත් කර ඇති බව ද කෘෂිකර්ම අමාත්‍ය පී හැරිසන් මහතා පැවසීය.

මේවනවිට ගොවියාට රුපියල් 3300 ක පොහොර සහනාධාරයක් ලබාදෙන බවත් රුපියල් 500 ක් පමණක් ගොවියාගෙන් අයකරගන්නා බවද මේවසරේ සිට එම මුදලට අයකිරීම නවත්මවමින් නොමිලයේම පොහොර ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස යෝජනා කර ඇති බවද අමාත්‍යවරයා පැවසීය.

එමෙන්ම වි මිලදී ගැනීම් මධ්‍යාස්ථාන 207 න් මේවනවිට 107 ක් පමණ විවෘත කර ඇති බවද අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

 

t

o

p