සරත් ෆොන්සේකාට හා රංගේ බණ්ඩාරට ඇමතිකම් දෙන ලෙස ආණ්ඩුවේ පසුපෙළ ඉල්ලයි

February 21, 2019

ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා සහ පාලිත රංගේ බණ්ඩාර යන මහත්වරුන්ට හැකි ඉක්මණින් අමාත්‍යධූර දිය යුතු බව ආණ්ඩු පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරුන් ප්‍රබල ඉල්ලීමක් කර තිබේ.
ආණ්ඩු පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරු ඉහත ඉල්ලීම කරණු ලැබූවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදීය.
ජනාධිපති පොදු අපේක්ෂක ලෙස ඉදිරිපත්විම නිසා ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට විදින්නට සිදුවූ දුක් වේදනා පිළිබඳවද පසුපෙළ මන්ත්‍රීවරු කණ්ඩායම් රැස්වීමේදි දීර්ඝ ලෙස අදහස් දක්වනු ලැබින.
මහින්ද රාජපක්ෂ මහතාගේ අගමැතිත්වයෙන් පිහිටුවනු ලැබු දින 52 ක ව්‍යාජ ආණ්ඩුව පැවැති සමයේ පාලිත රංගේ බණ්ඩාර මහතාගෙන් සිදුවූ සේවය ද එහිදි ප්‍රකාශ විනි.
තිබෙන ගැටළු හැකි ඉක්මණින් විසදා ගනිමින් ජාතික ආණ්ඩුව පිහිටුවා ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා හා පාලිත රංගේ බණ්ඩාර යන මහත්වරුන්ට අමාත්‍යධූර දිය යුතු බවට ද එහිදි අවධාරණය කෙරුනි.
ReplyForward

t

o

p