ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව රැක ගැනීමට ආණ්ඩුව පෙරට එයි

February 21, 2019

දහනව වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ පිහිටවනු ලැබු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැක ගැනීමේ ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ වැඩපිළිවෙලක් ආරම්භ කෙරේ.
ශ්‍රී ලංකාවේ ස්වාධින කොමිෂන් සභා සහ රාජ්‍ය සේවයේ වැදගත් ස්වාධින තනතුරු පුරප්පාඩු සම්පූර්ණ කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැක ගැනීමේ ව්‍යාපාරය ඇරබෙන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මතය.
ශ්‍රී ලංකාවේ සිවිල් සංවිධාන, වෘත්තීයවේදින්ගේ සංගම්, වෘත්තිය සමිති, බහුජන සංවිධාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැක ගැනීමේ ව්‍යාපාරය ආරම්භ කිරීමට මූලිකවේ.
එක්සත් ජාතික පෙරමුණේ මුලිකත්වයෙන් බිහිවන යහපාලන ප්‍රජාතන්ත්‍රවාදි ජාතික පෙරමුණ පසුව මෙම ව්‍යාපාරයට එක්වීමට නියමිතය.
ඊට අමතරව ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය අගයන සියලූ පක්ෂ හා සංවිධාන ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැක ගැනීමේ ව්‍යාපාරයට එකතු කර ගන්නා බව සභානායක, රාජ්‍ය ව්‍යාවසාය සංවර්ධන ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේය.

t

o

p