රන්ජන්ගේ ප්‍රකාශයෙන් විපක්ෂයේ මන්ත්‍රිවරුන්ද අපහසුතාවයට පත්ව ඇති බව රනිල්ට කියයි

February 21, 2019

පාර්ලිමේන්තුවේ සිටින මැතිඇමතිවරුන් මත් ද්‍රව්‍ය පාවිච්චි කරන බවට රන්ජන් රාමනායක රාජ්‍ය ඇමතිවරයා කළ ප්‍රකාශය හේතුවෙන් මැති ඇමතිවරුන්ට පමණක් නොව විපක්ෂයේ මන්ත්‍රීවරුන්ද දැඩි අපහසුතාවයකට මුහුණ දී ඇතැයි ඒකාබද්ධ විපක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ දැඩි ලෙස කරුණු දැක්වූහ.
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු සංකිර්ණයේ ආලින්දයේ දි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හමුවූ මන්ත්‍රීවරු ප්‍රකාශ කර ඇත්තේ රන්ජන් රාමනායක මහතාගේ මුල් ප්‍රකාශයෙන් ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරු පමණක් නොව විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට ද චෝදනා එල්ල කර ඇති බවය.
රන්ජන් රාමනායක රාජ්‍ය ඇමතිවරයාගේ ප්‍රකාශයෙන් ආණ්ඩුවේ මැතිඇමතිවරුන්ට පමණක් නොව අපට ද පහරවැදි ඇතැයි විපක්ෂ මන්ත්‍රීවරු අගමැති හමුවේ කරුණු දැක්වූහ.
ඉහත චෝදනාවට රන්ජන් රාමනායක රාජ්‍ය ඇමතිවරයා තමන්ට කිසිදු දැනුම්දීමක් කර නැතැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ප්‍රකාශයන්ට ප්‍රතිචාර දක්වමින් පැහැදි කර සිටියේය.
කතානායකවරයාටත් ඒ පිළිබඳව කිසිදු තොරතුරක් දැනුම් දී නැතැයි විපක්ෂ මන්ත්‍රීවරු හමුවේ කියා ඇති අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා කළ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට ද රන්ජන් රාමනායක මහතා පැමිණියේ නැතැයිද කියා සිටියේය.
ඉහත සියළු කරුණු සැලකිල්ලට ගෙන සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරිමට තමන් ක්‍රියා කළේයැයිද විපක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් හමුවේ අගමැතිවරයා ප්‍රකාශ කළේය.

t

o

p