පළාත් ඡන්දය ගැන අහන්න නිතිපති පාර්කැලිමේන්තු කැදවන්න රනිල් – මහින්ද එකගවෙති

February 20, 2019

පළාත් සභා මැතිවරණය අලුත් ක්‍රමයට පවත්වනවා ද නැත්නම් පැරණි ක්‍රමයට පවත්වනවා ද යන්න පිළිබදව නීතිමය තත්ත්වය විමසිම සදහා  මීළග පක්ෂ නායක රැස්වීමට නීතිපතිවරයා කැදවීමට පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමේදි එකගතාවයට පැමිණ ඇත.

පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීම කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් (අද) 20 දා පෙරවරුවේ කතානායක නිල කාර්යාලයේදි පැවැත්විනි.

අගමැති රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ යන මහත්වරු ඇතුළු පක්ෂ නායකයින් මේ රැස්විමට සහභාගී වූ බව ඇමති මනෝ ගනේෂන් මහතා මාධ්‍යයට ප්‍රකාශ කළේය.

පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීමේ අවශ්‍යතාවය සියලු පක්ෂ නායකයින්ට පවතින ගැටළු කිහිපයක් පිළිබද ජනාධිපතිවරයා සමග සාකච්ඡා කිරිමට ඇති අවශ්‍යතාවය පෙන්වා දුන් බවද ඇමතිවරයා කියා සිටියේය.

ඒ අනුව රාවුෆ් හකීම්, රිෂාඩ් බදියුදින් යන ඇමතිවරුන් සමග තමන් ජනාධිපතිවරයා හමුවී තම ගැටළු සම්බන්ධයෙන් අවසන් විසදුමක් ලබා ගන්නා බවද ඉන් පසුව මීළග පක්ෂ නායක රැස්වීමට නීතිපතිවරයා කැදවා ඔහුගේ ද අදහස් මත ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමටත් පක්ෂ නායකයෝ එකග වූ බවද මනෝ ගනේෂන් ඇමතිවරයා සදහන් කළේය.

t

o

p