ලෙස්ටර්ගේ නිවසින් සුමිත්‍රා පන්නා ගෙය බිමට සමතලා කරලා – විපක්ෂ නායක

February 20, 2019

අචාර්ය ලෙස්ටර් ජෙම්ස් පිරිස් මහතා පදිංචිව සිටි නිවස කෞතුකාගාරයක් බවට පත් කරනා බව ජනාධිපතිවරයා හා අගමැතිවරයා ඔහුගේ මළ ගෙදරදී පොරෙන්දුවුවත් අද වන විට සුමිත්‍රා පිරිස් මහත්මිය පන්නා දමා  නිවස බිමට සමතලා කර ඇතැයි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදි 20 දා ප්‍රකාශ කළේය.

ස්ථාවර නියෝග 23/2 යටතේ සිනමා කර්මාන්තය පිළිබද ප්‍රකාශයක් කරමින් විපක්ෂනායකවරයා මෙසේද කීය.

ශ්‍රී ලංකාවේ සිනමාවේ ස්වර්ණමය යුගය 1963 – 1980 කාලපරිච්ජේදය බැව් අප සැමදෙනාගේ පිළිගැනීමයි. දේශිය අනන්‍යතාවය රැකගනිමින්, පර්යේෂනාත්මක සිනමාකරණයක් රටට දායාද කිරීමට එදා සිනමාකරුවාට හැකිවුනි.

හුදු විනෝදාස්වාදනීය මාධ්‍යයකට ඔබ්බෙන්, කළාත්මක වූ සංස්කෘතික හා ස්වරූපයෙන් ඥාන භාවිතාවක් සේ එදා සිනමාව වැඩුනු ආකාරය අපට සිහිපත් කළ හැකිය. සිනමා කර්මාන්තයේ අභිවෘද්ධිය සදහා කැපවූ සිනමා වෘත්තිකයන් රැසක් වර්තමානයේ ද අප සතුවීම රටේම මහත් භාග්‍යයකි.

කෙසේ වෙතත් මේ වන විට ඔවුන් මුහුණ පා ඇති ගැටළු රාශියකි. ඒවා විසදීමට වත්මන් ආණ්ඩුව අපොහොසත් වීම සමස්ථ ජාතියේම අභාග්‍යයකි. සිනමා කර්මාන්තය වර්තමානයේ වැටී ඇති තත්තවයෙන් ගොඩ නැගීමට නම් ඊට අදාළ යටිතල පහසුකම් සංවර්ධනය, චිත්‍රාගාරැ කාර්මික සේවාවන් උසස් සමට්ටමට දියුණු කිරීම, මානව සම්පත් සංවර්ධනය, චිත්‍රපට නියාමනය හා බෙදාහැරීම විධිමත් කිරීම, චිත්‍රපට නිශ්පාදනය සදහා අවශ්‍ය මූල්‍ය පහසුකම් ලබාදීම, සිනමා ශිල්පීන්ගේ සුභසාධනය හා ඔවුන් ඇගයීමට ලක්කීරීම ඇතුළු සිනමා කර්මාන්තයේ ප්‍රවර්ධනයට අත්‍යාවශ්‍ය කරුණු කෙරෙහි ආණ්ඩු මීට වඩා වැඩි අවධානයක් යොමු කළ යුතුය.

ශ්‍රී ලාංකේය සිනමාව සංවර්ධනය සදහා සංකල්පීය වශයෙන් පුළුල් අදහසක් රජයට තිබිය යුතු බැව් අවධාරණය කරන අතර සිනමා කර්මාන්තයේ පහත දක්වන ගැටළු නිරාකරණය සදහා ආණ්ඩුව ගන්නා ක්‍රියාමාර්ග මේ සභාවට පැහැදිලි කරන ලෙස අවධාරණය කරමු.

චිත්‍රපට නිෂ්පාදනය සදහා පසුගිය රජය විසින් ලබාදී තිබු සහන ණය යෝජනා ක්‍රමය සහ නිෂ්පාදන බදු සහන නැවත ලබාදීමට කටයුතු කරන්නේද

චිත්‍රපට නිෂ්පාදනය සදහා භාවිතා කරන නව තාක්ෂණික උපකරණ ආනයනය සදහා ලබා දී තිබු සහන නැවත ලබාදීමට ආණ්ඩුව ක්‍රියා කරන්නේද

රන්මිණිතැන්න සිනමා ගම්මානය සංවර්ධනය කිරීමේ සැලසුම කවරේද, සිනමා කර්මාන්තයේ යටිතල පහසුකම් හා චිත්‍රාගාර කාර්මික සේවාවන් දියුණු කිරිමේ වැඩපිළිවෙල කුමක්ද

චිත්‍රපට බෙදාහැරිම හා මුදා හැරිම සම්බන්ධ වැඩපිළිවෙල කුමක්ද, අලුතින් මුදාහරින දේශිය චිත්‍රපට සදහා දිනකට දර්ශන වාර කීයක් ලබා දෙනවාද, දැනට දර්ශනවාර ලබා ගැනීමට නොහැකි වී ඇති 80 කට අධික චිත්‍රපට ප්‍රදර්ශනය සදහා අවස්ථාව ලබාදීමේ ආණ්ඩුවේ වැඩපිළිවෙල කුමක්ද, මෙම චිත්‍රපට නිශ්පාදනයට ලබාගත් ණය හා ඊට අදාළ පොලී මුදල් ගෙවන අවස්ථාවේ රජය මැදිහත්ව යම් සහනයක් ලබා දෙන්නේද

විදේශිය චිත්‍රපට ආනයනය බෙදාහැරිම, මුදාහැරිම සහ මුදාහරින පිටපත් ප්‍රමාණය පිළිබදව ආණ්ඩුවේ වගකීම කුමක්ද, චිත්‍රපට කර්මාන්තයේ නියැලෙන අධ්‍යක්ෂවරුන්, රංගනශිල්පීන්, කාර්මික ශිල්පීන්, සංගීතවේදින්, ගායනවේදින් ප්‍රවර්ධනය හා ඔවුන්ගේ සුබ සාධන කටයුතු සදහා රජයේ වැඩපිළිවෙල කුමක්ද, සිනමා කේෂේත්‍රයේ ශිල්පීන්ට ලබාදුන් වාහන ණය යෝජනා ක්‍රමය නැවත ක්‍රියාත්මක කරන්නේද

යන්න පිළිබද මෙම සභාව දැනුවත් කළ යුතු යැයි යෝජනා කර සිටි. තවද චිත්‍රපට කර්මාන්තයේ මතු දියුණුව සහ යහපැවැත්ම වෙනුවෙන් චිත්‍රපට සංරක්ෂණාගාරයක් ස්ථාපිත කිරිමට ද, ශ්‍රී ලාංකේය සිනමාවට අනූපමේය මෙහෙයක් ඉටු කළ ආචාර්ය ලෙස්ටර් ජෙම්ස් පීරිස් මහතා වෙනුවෙන් කෞතුකාගාරයක් ඉදිකිරිමට මෙම ගරු සභාව යෝජනා කරයි.

t

o

p