රන්ජන්ගේ කොකේන් කතාව හොයන්න රනිල්ගෙන් කමිටුවක්

February 20, 2019

පාර්ලිමේන්තුව තුළ කොකේන් පානය කරනා මන්ත්‍රීවරු සිටිනා බවට රාජ්‍ය ඇමති රන්ජන් රාමනායක කළ ප්‍රකාශය සම්බන්ධයෙන් සොයා බැලීම සදහා සිව් පුද්ගල කමිටුවක් පත් කිරිමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇත.

එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදි මෙම තීරණය ගෙන ඇති අතර රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන හා මහනුවර සංවර්ධන ඇමති සහ සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ සභාපතිත්වයෙන් යුතුව පත් කළ මෙම කමිටුවේ  සෙසු සාමාජිකයන් ලෙස මුදල් රාජ්‍ය ඇමති ඉරාන් වික්‍රමරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී අශු මාරසිංහ හා නිතීඥ නිශ්ශංක නානයක්කාර යන මහත්වරුන් පත් කර තිබේ.

එක්සත් ජාතික පක්ෂ නායක, අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු සංකිර්ණයේ පැවැති මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදි මහාමාර්ග සංවර්ධන රාජ්‍ය ඇමති රන්ජන් රාජමනායක මහතා කළ කොකේන් පානය කරන මැතිඇමතිවරු සිටිනවාය යන ප්‍රකාශය සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කොට තිබුනි.

මැති ඇමතිවරු 24 දෙනෙකු කොකේන් පානය කරන බවත් ඔවුන්ගේ ලේඛනය කතානායකවරයා වෙත ලබාදුන් බවටත් කළ චෝදනාව සම්බන්ධයෙන් මන්ත්‍රීවරු දිගින් දිගටම විමසිම් කර ඇත. මෙය බරපතල කාරණයක් බවද එහිදි මන්ත්‍රීවරු පෙන්වා දී තිබේ.

මෙහිදි අගමැතිවරයා ප්‍රකාශ කර ඇත්තේ එවැනි කාරණයක් සම්බන්ධයෙන් තමන් දැනුවත් කර නොමැති බවය. එම නිසා මෙය බරපතල කාරණයක් බව මන්ත්‍රී කණ්ඩායමේ අදහස වී ඇත. එම නිසා කමිටුවක් පත් කිරිමට අගමැතිවරයා තීරණය කර ඇත.

t

o

p