කොකේන් භාවිතා කරනා මන්ත්‍රීවරුන් 24 ගේ ඩි.එන්.ඒ පරික්ෂා කරන්නැයි විපක්ෂයෙන් ඉල්ලීම්.

February 20, 2019

කොකේන් ඇතුළු මත්ද්‍රව්‍ය භාවිකාකරන  බව පැවසෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 24 නාගේ නම් හෙලිකර ඔවුන්ගේ පමණක් ඩි.එන්.ඒ පරීක්ෂණයක් කළ යුතු බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටියේය.

කොකේන් ඇතුළු මත්ද්‍රව්‍ය භාවිකාකරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 24 කු සිටින බවට රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා මාධ්‍ය වෙත සිදුකර තිබු ප්‍රකාශය සම්බන්ධයෙන් අද (20දා) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් රාජපක්ෂ  මහතා මේ බව කීවේය.

මහින්ද රාජපක්ෂ මහතා එහිදි මෙසේද පැවසීය.

පාරලිමේන්තුවේ හැමෝම රුධිර පරීක්ෂා  කරන්න යන්න ඔන නැහැ. මොකද ජිවිතේට කොකේන් දැකලා නැති අයත් ඉන්නවා. ඒනිසා මුලින්ම මේ 24 නා හෙලිකරලා ඒ අයගේ පරීක්ෂණයක් කරන්න. එහෙම නොවුණොත් ලොකු අපරාධයක් වෙනවා.

එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225ගේම ගරුත්වය ආරක්ෂාකිරීම සඳහා කොකේන් ඇතුළු මන්ද්‍රව්‍ය භාවිතාකරන බව පැවසෙන මන්ත්‍රීවරුන් 24 නා රටට හෙලිකරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමෙන්තුවේදි ඉල්ලා සිටියේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 225 න් 24 ක් කොකේන් ඇතුළු මත්ද්‍රව්‍ය භාවිත කරනවා කියන්නේ බරපතල චෝදනාවක්. ඒ අය නම්කිරීමට රංජන් රාමනායක ඇමතිතුමාටත්   කථානායකතුමාටත් පක්ෂයේ නායකයා ලෙස අගමැතිතුමාටත් වගකීම් තිබෙනවා.

අපේ ආත්ම ගරුත්වය වෙනුවෙන් මෙයට කිසිම සම්බන්ධයක් නැති අය වෙනුවෙන් මේ කොකේන් බොන මන්ත්‍රීවරුන් හෙලිකරන්න කියලා අපි ඉල්ලා සිටිනවා.

 

පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ

 

මෙය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ගරුත්වය සම්බන්ධ ප්‍රශ්නයක්. මේ නිසා මේ පිළිබඳ  වහාම පරීක්ෂණය කරන්න කියා ඉල්ලා සිටිනවා.

සභානායන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල

මේ ප්‍රශ්නය ගැන කණ්ඩායම් රැස්වීමේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. රංජන් රාමනායක ඇමතිතුමා අදාල මන්ත්‍රීවරුන්ගේ නම් අගමැතිට හෝ කථානායකතුමාට පක්ෂයේ සභාපති තුමාට හෙලිකරලත් නැහැ. මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන්න කොමිටියක් පත්කරන්න එක්සත් ජාතික පෙරමුණ තීරණය කළා. ඊට අමතරව පාර්ලිමේන්තුවේදී පරීක්ෂණයක් කරන්න පුළුවන් කියලා මම නියෝජ්‍ය කථානායකතුමාට දැනුම්දෙන්න කැමතියි. පාර්ලිමේන්තුවට අවශ්‍ය ඔනෑම පියවරක් ගන්න පුළුවන්.

නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි –

මත්ද්‍රව්‍ය භාවිතාකරන මන්ත්‍රීවරු සම්බන්ධයෙන් කිසිම නමක් හෝ ලේඛණයක් තවම කථානායකතුමාට   ලැබිලා නැහැ කියා එතුමා පැවසුවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ –

මේ සම්බන්ධයෙන් කථානායකතුමාට ප්‍රකාශයක් කළ යුතුව තිබුණා

නියෝජ්‍ය අමාත්‍ය නලීන් බංඩාර –

රංජන් ඇමතිතුමා  කියනවානම් එයලාගේ නම් හෙලිකළ යුතුයි. එතුමා මේ  කාටවත් නම් ඉදිරිපත් කරලා නැහැ. මදුෂ්ගේ  කාරණය වහගන්න මේ කරන කොන්ත්‍රාත්තුක්ද කියලා අපිට සැකයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි –

කෙකේන් මත්ද්‍රව්‍ය භාවිකරලා තියෙනවාද කියලා රුධිර පරීක්ෂාවක්   , මුත්‍රා පරීක්ෂාවක් කරනවානම් දින 02 ක් ඇතුළත සිදුකළ යුතුයි. එහෙම නැතිනම් හිසකෙස් පරීක්ෂා කළ යුතුයි

t

o

p