ඉදිරි මාස දෙක තුළ කෙනෙක් එල්ලනවා ජනාධිපති පාර්ලිමේන්තුවේදි කියයි

February 6, 2019

 

ඉදිරි මාස දෙක තුළ මරණීය දණ්ඩනය ක්‍රියාක්මක කිරීමට තමා කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදි අද (06) ප්‍රකාශ කළේය.

ශ්‍රීලංකාව තුළ නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම ක්‍රියාත්මක කිරීමේ මුලස්ථානය වැලිකඩ බන්ධනාගාරය බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තවදුරටත් පැවසීය.

නීතිවිරෝධී මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ක්‍රියාක්මකවීම් සිදුවන්නේ වැළිකඩ බන්ධනාගාරය තුළින් බවත් එය වෙනස්කළ යුතුව ඇති බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

මෙම තත්වය වෙනස්කිරීමට අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය සමගද සාකච්ඡා කර වැඩපිළිවෙලක් ක්‍රියාත්මත කරමින් පවතින බවද මරණ දඩුවම හිමිව ඇති මත්ද්‍රව්‍ය ජාවාරම්කරැවන් සම්බන්ධයෙන් පැහැදිලි වාර්තා ජනාධිපති කාර්යාලයට ලැබුණේ පසුගිය ජනවාරි මාසයේදී බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපතිවරයා මාස තුනකට වරක් හෝ පාර්ලිමේන්තුවට සහභාගීවිය යුතු උවද පසුගිය මාස තුන ඇතුළත පාර්ලිමේන්තුවය සහභාගීවීමට නොහැකි වීම සම්බන්ධයෙන් සිය කණගාටුවද ප්‍රකාශ කළ ජනාධිපතිවරයා මෙසේද කීවේය.

මාස තුනකට වරක් පාර්ලිමේන්තුවට පැමිණිය යුතුව තිබුණද සහභාගී වීමට නොහැකි වීම ගැන මම කණගාටුවෙනවා. ඒ අඩුපාඩුව මගේ අතින් සිදුවෙලා ඒගැන මම මගෙ කණගාටුව ප්‍රකාශ කරනවා.

නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම්කරැවන්ට මරණිය දණ්ඩනය ලබාදීම සම්බන්ධයෙන් මම ප්‍රකාශ කළා. මරණිය දණ්ඩනය බොහෝ රටවල ක්‍රියාක්මත වෙනවා.

මරණීය දණ්ඩනය නියමවුවන්ගේ ලේඛණ මාවෙත එවන්න කියා කිව්වත් ඒවා එවන එක ප්‍රමාදවුණා. මත්ද්‍රව්‍ය ජාවාරම්කරැවන්ගේ ඒතරම් ප්‍රබල වෙලා. ජනවාරි මාසේ තමයිහරි වාර්තානක් ලැබුණේ.

වැලිකඩ බන්ධනාගාරය තමා මේරටේ නීතිවිරෝධි මත්ද්‍රව්‍ය මුලස්ථාන. එතැනින් තමයි මේවා ක්‍රියාත්මක වෙන්නේ. ඒ තත්වය වෙනස් කරන්න අපි අධිකරණ අමැතිතුමිය සමග කතාකරගෙන වැඩපිළිවෙලක් සකස්කරගෙන යනවා. මරණිය දණ්ඩනය ලබාදීම සම්බන්ධයෙන් හරි වාර්තාවක් ලැබුණේ ජනවාරි මාසයේ. මරණ දඩුවම නියමවුණ බොහොදෙනෙක් නැවත අභියාචනා කරලා. කිසිම ප්‍රශ්නයන් නොමැති පුද්ගලයින් අතර මුලින්ම සිටින්නේ පකිස්ථාන ජාතිකයෙක්. ඒ පකිස්ථාන ජාතිකයා ඒ රටට භාරගන්න කිව්වත් ඔහු ඒ රටට යන්න කැමති නැහැ. මොකද එහෙ නීති හොදින් ක්‍රියාත්මක වෙන නිසා. විදේශිකයෙකුට මරණිය දණ්ඩවය දීමට මගේ අදහසක් නැහැ. ඉදිරි මාස දෙක තුළ මරණීය දණ්ඩනය ක්‍රියාක්මක කිරීමට මම කටයුතු කරනවා. මොවුන් වෙනුවෙන් මානව හිමිකම් සංවිධානය කටයුතු කරනවානම් ඒක වැරදියි.

අපි අගුණකොල පැලැස්සට විශේෂ කාර්ය බලකාය යෙදවීමේදී මානව හිමිකම් කොමිෂන් සභාව ඒ ඇයි කියා ප්‍රශ්න කර තිබෙනවා. අපේ මානව හිමිකම් කොමිෂන් සභාව තමයි අපිට කරදර කරන්නේ. සාම සාධක හමුදා හුවමාරැ කරගැනීමේ වැඩපිළිවෙල හරියට කළානම් මියගිය සොල්දාදුවන් දෙදෙනා මියයන්නේ නැහැ කියලා මම හොදටම දන්නවා. ඒකට විරුද්ධවුණෙත් මානව හිමිකම් සංවිධානය. ඒනිසා අපේ රට හදාගන්න යද්දි ඒවාට මානව හිමිකම් පෙන්වලා තර්ජනය කරන්න එපා කියලා මම කියන්න කැමතියි.

ව්‍යවස්ථාදායක සභාව විනිශ්චය කාරවරුන් 12 ප්‍රතික්ශේපකරනා තිබෙනවා. ඒ ඇයි කියලා ඔවුන් මට දන්වලත් නැහැ අධිකරණයට දන්වලත් නැහැ. කිසිදු හේතුවක් කාරණයක් නොදක්වා මෙලෙස උසස්වීම් ප්‍රතික්ශේප කිරීම කණගාටුවට කරුණක්. එහෙම නොකරනවානම් රටේ අධිකරණ ක්ෂේත්‍රෙය් බරපතම ඛේදවාචයක් බවට පත්වේවි. යම්කිසි කෙනෙක් තනතුරට සුදුසු නැතිනම් ඒ සම්බන්ධයෙන් පැහැදිලිව කරුණු දැක්විය යුතුයි. නැතිනම් මාව තමයි ඒවට අල්ලගන්නේ.

ජනාධිපති ඝාතන කුමන්ත්‍රනය සම්බන්ධයෙන් පරීක්ෂණ හොදින් කරගෙන යනවා. මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගෙනුත් ප්‍රකාශයක් ගත්තා. ඉදිරි සති දෙක ඇතුළත එම වාර්තාව නීතිපතිට ඉදිරිපත් කරයි  එහිදි සිදුවූ දේ මොකක්ද කියලා හැමෝටම දැනගන්න පුළුවන් වේවි.

බරපතල දුෂණ වංචා කොමිෂන් සභා වාර්තාව ක්‍රියාත්මක කිරීම ප්‍රමාදවී තිබෙන බව මන්ත්‍රීවරුන් මට චෝදනා කර තිබුණා.

මේ කොමිෂන් සභා වාර්තාවල ඉදිරිකටයුතු පැවරෙන්නේ අධිකරණ අමාත්‍යාංශයට සහ නීතිපති දෙපාර්තමෙන්තුවට. නමුත් මෙවැනි කොමිෂන් සභා වාර්තාවක් ඉදිරිපත්කළාද කියා ඇතැම් අයට අමතක වී තිබුණා. මහබැංකු බැදුම්කර කොමිෂන් සභා වාර්තාව ගැන බොහෝ දෙනාගෙ අවධානය යොමුවී තිබුණ නිසා මේවාර්තාව ගැන අවධානය යට ගියා. යැයි පැවසීය.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

t

o

p