ජාතික ආණ්ඩුවක් පිහිටුවිමේ යෝජනාව පාර්ලිමේන්තුවට හෙට (07) ඉදිරිපත් කරන බව පක්ෂ නායක රැස්වීමේදි එක්සත් ජාතික පක්ෂය දැනුම් දී ඇත.
ස්ථාවර නියෝග අත්හිටුවා ජාතික ආණ්ඩු යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ආණ්ඩු පක්ෂය පක්ෂ නායක රැස්විමේදි දැනුම් දී තිබේ. ජාතික ආණ්ඩු යෝජනාව න්‍යය පත්‍රයේ නොමැති බැවින් ස්ථාවර නියෝග අත්හිටුවා විවාදය ගන්නා බව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා දැනුම් දී ඇත.
කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක රැස්විම අද (06) සවස පාර්ලිමේන්තු සංකිර්ණයේ කතානායක නිල මැදිරියේදි පැවැත්විනි.
එහිදි සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කර ඇත්තේ 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ප්‍රකාරව ජාතික ආණ්ඩුවක් පිහිටුවිමේ යෝජනාව ආණ්ඩු පක්ෂය විසින් හෙට දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි. ඒ අනුව යෝජනාව විවාද කොට සවස ඡන්ද විමසිමට ඉදිරිපත් කරන බවද ඔහු දැනුම් දී ඇත.
මෙහිදි එක්සත් ජනතා නිදහස් සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ හා දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් ප්‍රකාශ කර ඇත්තේ එක් පක්ෂයක් සමග අත්සන් කරනා ජාතික ආණ්ඩුවක් බල රහිත බවය. එම නිසා මෙය නිති විරෝධි ක්‍රියාවක් බවද ඔවුන් දැනුම් දී ඇත.
ජාතික ආණ්ඩුවක් පිහිටුවිය හැක්කේ ප්‍රධාන පක්ෂයක් සමග බවට ව්‍යවස්ථාවේ සදහන් නොවන බැවින් එක් පක්ෂයක් හෝ පක්ෂ කණ්ඩායමක් සමග ගිවිසුම් අත්සන් කළ හැකි බව ද සභානායකවරයා සදහන් කර තිබේ.
එය වැරදි පුර්වාදර්ශයක් සපයන බැවින් තමන් ඊට විරෝධය පළ කරන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක දැනුම් දි ඇත. මේ අතර එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායමක් සමග එක්සත් ජනතා නිදහස්ප සන්ක්ෂධානයේ ප්‍රධානින් සමග සාකච්ඡාවක් ආරම්භ කර ඇත. එය සාර්ථක වුවහොත් ජාතික ආණ්ඩු යෝජනාව හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇතැයි එක්සත් ජාතික පක්ෂ ප්රබලයෙකු සදහන් කළේය.