ලොව පස්වැනි විශාලතම සමාජ ජාල Google Plus අඩවිය වසා දැමේ

February 4, 2019

වසරේදී ගූගල් සමාගම හදුන්වාදුන් Google Plus සමාජ ජාල අඩවිය වසා දැමීමට කටයුතු කරන බවට පසුගියදා නිල වශයෙන් එම සමාගම දැනුම්දී තිබෙනවා.

පරිශීලකයන් මිලියන 395 කට වඩා වැඩි ප්‍රමාණයක් සිටින මෙම සමාජ ජාල අඩවිය වසාදැමීමට හේතුව වී ඇත්තේ පසුගිය වසරේ එම අඩවිය භාවිතා කරන පරිශීලකයන්ගේ දත්ත කාන්දුවීමක් පදනම් කරගෙනයි.

ලබන අප්‍රේල් 2 වෙනිදා සිට මෙම සමාජ ජාල අඩවිය ක්‍රියාත්මක නොවන අතර සියලුම පරිශීලකයන්ගේ දත්තද මේ මගින් මකාදැමීමට ගුගල් ආයතනය  කටයුතුකරනු ලබනවා. මෙම මකාදමනු ලබන දත්ත අතරින් ඔබට ලබාගතහැකි දත්ත පහත ලැයිස්තුවෙන් දැක්වේ.

 

ඔබ විසින් නිර්මාණය කරනු ලැබූ පොස්ටු කමෙන්ට්

ඔබ විසින් නිර්මාණය කරනු ලැබූ එකතුවන් (collections)

ඔබ විසින් නිර්මාණය කරනු ලැබූ ඉසව් සහ ආරාධනය ලැබුණු ඉසව් (events)

ඔබගේ Google Plus ගිණුම් දත්ත

ඔබ සාමාජිකත්වය දැරූ සමූහ වල විස්තර (communities)

ඉහත සදහන් දත්ත මකාදැමීමක් සිදුකරද අප්‍රේල් 2ට පෙර එම දත්ත ලබාගැනීමට Google Plus පරිශීලකයන්ට හැකියාවක් තිබෙනවා. ඒ පහත දැක්වෙන යොමුවට ගොස් ඔබගේ google plus ගිණුම් දත්ත භාගත කරගැනීමෙන් හෝ නැත්තම් ඒ දත්ත අඩංගු ගොනුව තමන්ගේ google drive වෙත සුරැකිමෙන්ය.

t

o

p